Saturday, March 7, 2015

ලෝකයේ සිරා ප්‍රාග් ඓතිහාසික ගුහා චිත්‍ර හමුවන තැන් සොයා බලමු

ඈත අතීතයේ වසර දස දහස් ගණනකට පෙර ජීවත් වූ ආදී මානවයින්ගේ ජීවන තොරතුරු රැසක් අනාවරණය කරා ගැනීමට දායක වන මෙම ගුහා චිත්‍ර ලෝකයේ විවිධ රටවල් වල විවිධ ස්ථාන වලින් අපට වාර්තා වේ. මෙම චිත්‍ර බොහොමයකම දැකිය හැකි එක් පොදු ලක්ෂණයක් වන්නේ එම යුගයේ ජීවත් වූ සතුන්ගේ ජීවන රටා චිත්‍රයට නගා තිබිමයි. සමහර චිත්‍ර දුටු විට ඒවා කෙතරම් සියුම් ලෙස චිත්‍රයට නගා ඇත්දැයි කිවහොත් ඇතැම් මහාචාර්යවරුන් එම චිත්‍ර පසුකාලීනව ඇදී චිත්‍ර යැයි සැක පළකරන්නට විය. කෙසේ නමුත් වැඩි දුර අධ්‍යනය කිරීම් වලින් පසු මෙම චිත්‍ර වසර 32000ක් තරම් ඈතට දිවයන බව පවසති. අප වෙසෙන ශ්‍රී ලංකාවෙන් ද ඉපැරණි ගුහා චිත්‍ර හමුවී තිබෙන බව ඔබ දන්නව ද? තන්තිරිමලේ ගුහා චිත්‍ර ලෙස මේවා හැඳින්වේ.

CUEVA DE LAS MANOS – ආජන්ටිනාව

ඉතා විශිෂ්ට හා දුර්ලභ ගණයේ සිතුවමක් ලෙස සැලකේ. ආජන්ටිනාවේ Santa Cruz ප්‍රදේශයෙන් හමුවන මෙම සිතුවම් අතර සතුන් හා දඩයම් කරන පිරිස් ද දැකිය හැක. නමුත් ඒ අතර ඉතා කැපී පෙනෙන සිතුවම වන්නේ මිනිසුන්ගේ අත් පාරවල් සහිත සිතුවමයි. මින් බෝම්යක් වම් අත්ලවල් වන අතර විචාරකයන් පවසන අන්දමට වම් අත තබා දකුණු අතෙන් තීන්ත බටයක් තබා එම බටයට පිඹීමෙන් මෙම සිතුවම කර ඇති බවයි. වසර 3000ත් 9000ත් අතර කාලයකට පෙර සිතුවම් කර ඇති සැලකේ.

ALTAMIRA CAVE – ස්පාඤ්ඤය

ලොව වඩාත් සුරක්ෂිතව ඇති ගුහා චිත්‍ර හමුවන්නේ ස්පාඤ්ඤයේ ඇල්ටම්යිරා ගුහා වලිනි. 19වන සියවසේදී Marcelino Sanz de Sautuola විසින් සොයාගැනුණු මෙම චිත්‍ර වසර 14000ක් – 18500ක් පැරණි බව පැවසේ. මෙහි ඇති විචිත්‍රවත්භාවය හා සියුම් ලෙස සිතුවමට නගා ඇති ආකාරය නිසා මෙය ප්‍රාග් ඓතිහාසික චිත්‍රයක් යයි පිළිගැනීමට මැලි වුවත් 1902 වසරේදී මෙය ව්‍යාජ නොවන බවට අවිවාදයෙන් පිළිගැනීමට සිදු විය.

LAAS GAAL – සෝමාලියාව

ඉතා පැහැදිලි මතුපිට රේඛා සහ සුවිශේෂී වර්ණ භාවිතය කැපී පෙනෙයි. වසර 8000ත් 11000ත් අතර කාලයකට පෙර සිතුවම් වී ඇති බව සැලකේ. අප්‍රිකානු මහද්වීපයෙන් හමුවන ඉතා සුරක්ෂිතවවම ඇති ගුහා චිත්‍ර සමුහයයි.

BHIMBETKA ROCK SHELTERS – ඉන්දියාව

අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් හමුවන මෙම චිත්‍ර බොහොමයක් රතු සහ සුදු වර්ණයෙන් නිමවා ඇත. පර්යේෂකයන් පවසන අන්දමට වසර 12000ක් පැරණිය. කිඹුලන් ද සිංහයන් සහ කොටියන් අතරේ සිතුවමට නගා ඇති සිතුවම් හමුවන ස්ථාන කිහිපයෙන් එකකි.

LASCAUX CAVE – ප්‍රංශය

ප්‍රංශයේ ලෝකප්‍රසිද්ධ ලැස්කෝ ගුහ චිත්‍ර වසර 17000ක් පමණ පැරණි යැයි සැලකේ. ලෙනක් තුල වූ බිත්තියක මෙම සිතුවම් ඇඳ ඇති අතර එම ස්ථානයට ආලෝකය නොලැබෙන නිසා චිත්‍ර ශිල්පියා මෙම සිතුවම ඉටිපන්දම් ආලෝකයක් යටතේ සිදු කරන්නට ඇති සැලකේ. තවදුරටත් මෙම සිතුවම් මහජන ප්‍රදර්ශනයට තබා නොමැති අතර ප්‍රංශ රජය විසින් නරඹන්නන් හට දැක බල ගැනීම පිණිස මෙහි අනුරුවක් ඉදි කොට තිබේ.

SERRA DA CAPIVARA – බ්‍රසීලය

මෙම ස්ථානයෙන් හමුවන පැරණිම සිතුවම් වසර 25000ක් පමණ පැරණි බවට සැලකේ. ඉතා සවිස්තරාත්මක මෙම සිතුවම් තුලින් දඩයමේ යෙදුනු විවිධ පාර්ශව සහ ඔවුන්ගේ විවිධ චාරිත්‍ර ආදිය ද දැක්වේ
.සතුන්ගේ සහ ගස් වල සිතුවම් මුළු ලෙන පුරාවටම දැකිය හැක.

TADRART ACACUS – ලිබියාව

ක්‍රි.පු. 12000 සිට ක්‍රි.ව.100 දක්වා කාලයට අයත් සිතුවම් මෙහි දැක ගත හැක. මෙම ස්ථානයටම ආවේනික සිතුවම් දැකගත හැක. වසර ගණනාවකට පෙර සහරා කාන්තාරය කොළ පැහැති තණ පිට්ටනි වලින් හා දිය පිරුණු විල් වලින් සමන්විත වූ ආකාරය දක්වා තිබේ. ලෙන් බිත්තියේ විවිධ සතුන් සිතුවමට නගා තිබේ.

CHAUVET CAVE – ප්‍රංශය

මෙම අලංකාර සිතුවම් පෙල ඉතා මෑත යුගයේ (1994 දී) සොයාගන්නා ලද අතර මැමත් , සිංහ , වලස් රූප මෙන්ම රයිනෝසිරස් රූපද ඒ අතර වේ. වසර 32000ක් පමණ පැරණි යැයි සැලකෙන අතර ලැයිස්තුවේ ඇති පැරණිම සිතුවම් ලෙස සැලකිය හැක.

0 comments:

Post a Comment