Tuesday, February 17, 2015

ලෝකයේ සිරාම වනාන්තර 10ය මෙන්න

මේ මුළු ලෝකයම ඉතාමත් සුන්දර වනපෙත් වලින් පිරි ඉතිරි තිබෙන තැනක්. විවිධ රටවල් වල භුමි ලක්ෂණ වලට ආවේණික ආකාරයට හැඩගැසී ඇති වනපෙත් ජෛව විවිධත්වයෙන් උතුරා පිටාර ගලයි. අපි ජීවත් වන ශ්‍රී ලංකාව ද මෙම සුන්දර වනපෙත් වලින් ගහන ඉතා සුන්දර පාරාදීසයක්. මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ ලෝකයේ විවිධ රටවල් වලින් හමුවෙන සුන්දර පරිසර පද්ධති 10ක් පිළිබඳවයි.

1. SAGANO BAMBOO FOREST, JAPAN


ජපානයෙන් හමුවන මෙම උද්‍යානය අලංකාර උද්‍යානය උණ ගස් වලින් පිරුන තැනක්. ජපානයේ කියෝටෝ වලට බටහිර පැත්තට වෙන්න පිහිටලා තියෙන්නේ.

2. GIANT SEQUOIA NATIONAL MONUMENT, CALIFORNIA, UNITED STATES


ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවේ Sierra Nevada කඳු ආශ්‍රිතව පිහිටා ඇත. මෙම වනයට මේ නම ලැබී ඇත්තේ එහි ඇති යෝධ Sequoia නම් රෙඩ් වුඩ් විශේෂය නිසයි. මෙම වනෝද්‍යානය වර්ග කිලෝමීටර 4829ක් ආවරණය කරයි.

3. REDWOOD NATIONAL PARK, CALIFORNIA, UNITED STATES


මෙයත් අමෙරිකාවේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ පිහිටා තිබේ. වනාන්තර 4ක් එකතුවෙන් සෑදී ඇති මෙම රෙඩ් වුඩ් වනාන්තරය ඉතිරිව ඇති රෙඩ් වුඩ් විශේෂ වලින් 45% පමණ ආරක්ෂා කරයි. මෙම යෝධ රෙඩ් වුඩ් ශාක ලෝකයේ උසම ගස් ලෙසට සැලකේ. වර්ග කිලෝමීටර 158ක පමණ භුමි ප්‍රමාණයක් ආවරණය කරයි.

4. BLACK FOREST, GERMANY


අඳුරු වනාන්තරය ලෙස හැඳින්වෙන මෙම වනාන්තරය ගිනිකොන දිග ජර්මනියේ කඳු පන්තියක් ආශ්‍රිතව පිහිටා තිබේ. බටහිරින් සහ දකුණෙන් රයින් නිම්නයෙන් (Rhine valley) ආවරණය වී තිබේ. රෝමන්වරු මෙය අඳුරු වනය ලෙස හැඳින්වීමට පෙළඹී ඇත්තේ මෙම වනය මගින් පොළවට පතිත වන හිරු එලිය විශාල ලෙස ආවරණය කරන බැවිනි.

5. CROOKED FOREST, POLAND


මෙය එක් එක් හැඩයෙන් යුත් පයින් ගස් වලින් සැදී වනයකි. මෙම වනයේ ඇති ගස් 1930 දශකයේ රෝපණය කර ඇති අතර පයින් ගස් 400ක් පමණ තිබේ. මේ ආකාරයෙන් විවිධ වූ හැඩයේ පයින් ගස් පිහිටීමට යම් කිසි ක්‍රමයක් භාවිත කරන්නට ඇති බවට සැලකුවත් එය තවමත් නිශ්චිතව සොයාගෙන නැත. මේ ආකාරයෙන් ගස් වවන්නට ඇත්තේ නැව් තැනීමට යැයි පැවසේ. තවත් සමහරෙක් පවසන්නේ දෙවන ලෝක යුධ සමයේ යුද්ධ ටැංකි කුඩා පැල මතින් ගමන් කිරීමෙන් ඇති වූ තෙරපීම නිසා ගස් වල කඳන් මේ ආකාරයෙන් වක් වී ඇති බවයි.

6. JIUZHAIGOU VALLEY, SICHUAN, CHINA


“ගම් නමයේ නිම්නය” ලෙස සැලකෙන මෙම ප්‍රදේශය එහි විවිධ මට්ටම් වල ඇති දිය ඇලි , වර්ණවත් පොකුණු, හිමෙන් වැසුණු කඳු මුදුන් වලින් විචිත්‍රවත් වී තිබේ. අඩි 2000 සිට 4500ක් තරම් උසින් පිහිටා තිබේ. UNESCO ලෝක උරුමයක් ලෙස 1992 වසරේ නම් කර ඇත.

7. MONTEVERDE CLOUD FOREST RESERVE, COSTA RICA


හෙක්ටයාර 10500ක් පුරා ඇති නිවර්තන වැසිවනාන්තර නැරඹීමට වසරකට සංචාරකයන් 70000ක් පමණ පැමිණෙයි. මෙහි විවිධ කලාප 6ක් පිහිටා ඇති අතර 90% ම පවිත්‍ර වනාන්තර වේ (Virgin Forest). ජෛව විවිධත්වය ඉතාමත් ඉහල මෙම වනය තුල විවිධ ශාක විශේෂ 2500ක් , ක්ෂීරපායි විශේෂ 100ක් , කුරුළු විශේෂ 400ක් , උරඟ හා උභය ජීවී විශේෂ 120ක් සහ කෘමි විශේෂ රාශියක්ද දැක ගත හැක. එමෙන්ම එකම ස්ථානයක වැඩිම ඕකිඩ් විශේෂ ප්‍රමාණයක් හමුවන්නේ ද මෙම වනාන්තරය තුලය.

8. DAINTREE RAINFOREST, AUSTRALIA


ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ ඊසාන පෙදෙසට වන්නට පිහිටා ඇති මෙම නිවර්තන
වැසිවනාන්තර ලෝකයේ ඇති පැරණිම වැසි වනාන්තර ලෙස සැලකේ. ඉකුත් වසර මිලියන 110ක් පුරාවටම මෙම වැසි වනාන්තර අඛණ්ඩව පැවතී තිබේ. කැන්ගරුවන්, වොලබිස්ලා, ප්ලැටිපස්ලා ඇතුළුව විශාල සතුන් ප්‍රමාණයක් මෙහි ජීවත් වෙයි.

9. AMAZON RAINFOREST, SOUTH AMERICA


දකුණු ඇමෙරිකාවේ ඇමර්සන් වැසි වනාන්තර ගැන අසා නැති පුද්ගලයෙක් අපට හමුවන්නේ ඉතා කලාතුරකින්. මෙම වනාන්තරය වර්ග කිලෝමීටර 5,500,000 ක් ආවරණය කරයි. රටවල් 9ක් පුරා පැතිර ඇති මෙම විශාල වනයෙන් 60% බ්‍රසීලයේ පිහිටා ඇත. මෙම වැසි වනාන්තරය ලෝකයේ ඇති විශාලම සත්ව විවිධත්වයට හිමිකම් කියන අතරම ලෝකයේ ඇති වැසි වනාන්තර වලින් හරි අඩකට පමණ හිමිකම් කියයි

10. OLYMPIC NATIONAL FOREST, WASHINGTON, UNITED STATES


ඔලිම්පික් ජාතික උද්‍යානය තුල මෙම වනය පිහිටා තිබේ. සෞම්‍ය වැසි වනාන්තරයක් වන අතරම ප්‍රමාණයෙන් ඉතා විශාලය. විශාලම සෞම්‍ය වැසි වනාන්තරය ලෙසට සැලකීමේ වරදක් නැත. ඇමෙරිකාවේ වඩාත්ම තෙත් ගතිය ඇති පෙදෙස ලෙස ද සැලකිය හැක.

0 comments:

Post a Comment