Showing posts with label all post. Show all posts
Showing posts with label all post. Show all posts

Wednesday, November 18, 2015

Microsoft සමාගම හඳුන්වාදෙන Surface Pro 4


තාක්ෂණික ලෝලීන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටි Microsoft සමාගමේ Surface Pro 4 ටැබ් එක පසුගිය සතියේ New York හි පැවති උත්සවයකදී එළිදක්වනු ලැබුණා. මෙය ද්විත්වකාර්ය උපාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙය ටබ් එකක් විදියටත් එහෙම නැතිනම් ලැප්ටොප් එකක් විදියටත් භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නව Surface Pro 4 උපාංගය මිට පෙර හඳුන්වා දුන් Surface Pro 3 එකට සාපේක්ෂව සිහින් සහ සැහැල්ලු වන අතර දත්ත සකස් කිරීමේ වේගය අතින් ද ඉහලයි.

මේ නව ටැබ් එකේ අන්තර්ගතය දෙස බලන කල මෙය 6th generation ( 6 වන පරම්පරාවේ) Intel Core i5 සහ i7 ප්‍රොසෙසර වලින් යුක්තයි. මෙහි මාදිලි කිහිපයක්ම ඇති අතර ඔබ තෝරාගන්නා ප්‍රොසෙසරය අනුව මෙහි දත්ත ගබඩා කල හැකි ප්‍රමාණයත් එහි RAM එකත් තීරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි අඟල් 12.3ක තිරයක් තිබෙන අතර මෙයට කලින් පැමිණි මාදිලියට වඩා තිරයේ ප්‍රමාණය තරමක් විශාලයි. Surface Pro 3 හි පවතී 2,160 x 1,440 pixel-resolution තිරයට සාපේක්ෂව Surface Pro 4 හි PPI 267ක 2,736 x 1,824 pixel-resolution තිරයක් තිබෙනවා.
මෙහි විවිධ මාදිලි වලට අදාළ මිල ගණන් පහත දැක්වෙනවා.
128 GB 6th Generation Intel® Core™ M3 with 4 GB of RAM [රුපියල් 126,000(බදු රහිත මිල)]
128 GB 6th Generation Intel® Core™ i5 with 4 GB of RAM [රුපියල් 140,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i5 with 8 GB of RAM [රුපියල් 182,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 8 GB of RAM [රුපියල් 224,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 252,000(බදු රහිත මිල)]
512 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 308,000(බදු රහිත මිල)]
http://cdn2.mos.techradar.futurecdn.net//art/AAevents/Microsoft%20Devices%202015/screens/28-surface-pro-4-vs-mba-650-80.jpg
Microsoft සමාගම පවසන ආකාරයට Core i5 ප්‍රොසෙසරයක් සහිත 256GB දත්ත ගබඩාවක් සහ 8GB RAM එකක් ඇති Surface Pro 4 එකක් පැය 9ක කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
මේ නව Surface Pro එකත් සමඟ නව යතුරු පුවරුවක් ද හඳුන්වා දී තිබෙනවා. මෙහි Touchpad එක පෙර පැවති මාදිලියට වඩා 40% කින් විශාලයි. මෙහි තවත් එක විශේෂත්වයක් වන්නේ මෙය පෙර පැවති Surface Pro මාදිලි සමඟත් භාවිතා කිරීමට හැකිවීමයි.
මේ උපාංගය සඳහා පූර්ව ඇණවුම් ලබාගැනීම මේ වන විටත් ආරම්භව ඇති අතර මේ මස (ඔක්තෝබර්) 26 වනදා වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි.

Samsung සමාගම Gorilla glass වෙනුවට Turtle glass හඳුන්වා දෙයි ද ?

Galaxy S7 දුරකථනය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වේ යැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. ලැබෙන තොරතුරු වලට අනුව නම් සමාගම සැරසෙන්නේ තමන්ගේ ප්‍රධාන පෙලේ දුරකතනයට පෙරටත් වඩා සවිමත් බවක් ලබා දෙන්නටයි. කොරියානු වෙබ් අඩවියකට අනුව Samsung සමාගම නව විදුරු වර්ගයක් සඳහා ලියාපදිංචියට අයදුම් කර තිබෙනවා. මෙය Turtle Glass ලෙස හැඳින්වෙන බව එහි වැඩි දුරටත් සඳහන් වුනා. Corning සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන Gorilla Glass මේ දක්වා නිර්මාණය කෙරුණු බොහෝ ප්‍රමුඛ පෙලේ Samsung දුරකථන සඳහා භාවිතා වුණා.එමගින් දුරකතනයේ සවිමත් බවට මනා පිටිවහලක් ලැබුණා. කෙසේ නමුත් ලැබෙන ආරංචි වලට අනුව මේ නව විදුරු විශේෂය ඊටත් වඩා සවිමත් බව දැනගන්න ලැබෙනවා.

ඒ වගේම ලැබෙන තවත් ආරංචියක් තමයි Samsung සමාගම මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්බන්ධව පර්යේෂණ කරන බව දැනගන්නට ලැබෙනවා. මේ මිශ්‍ර ලෝහය භාවිතා කර දුරකතනයේ සවිමත් බව වැඩිකිරීම ඔවුන්ගේ අදහස බවයි දැනගන්න ලැබෙන්නේ. පසු ගිය සතියේ එළිදැක්වුණු ඇපල් iPhone 6s දුරකථනය නිර්මාණය කිරීම සඳහාත් විශේෂ ඇලුමිනියම් වර්ගයක් උපයෝගී කරගෙන තිබුනේ සවිමත් බව වැඩිකිරීම සඳහායි. මේ නිසා මේ පැතිර යන කටකතා සත්‍ය වීමට ඉඩකඩ තිබෙනවා.


පාරදෘශ්‍ය සූර්ය කෝෂ නිර්මාණය කෙරේ.

පාරදෘශ්‍ය එහෙමත් නැතිනම් විනිවිද පෙනෙන මාධ්‍යයකින් ආලෝකය ගමන් කරනවා. විදුරු වගේ මාධ්‍යක් අපි සැලකුවොත් ඒ හරහා බොහෝ අවස්ථාවල සුර්යාලෝකය අවශෝෂණය වීමකින් තොරවම ගමන් කරනවා. අපි අතරට සුර්ය කෝෂ භාවිතය පැමිණ දැන් වසර ගණනාවක් ගතවී තිබෙනවා. නමුත් මේ තාක්ෂණයේ තවදුරටත් දියුණු කල හැකි ක්ෂේත්‍ර බොහොමයි. අපි ගොඩක් වෙලාවට දැකලා තියන සුර්ය කෝෂ ඉතා පැහැදිලි විදුරු වගේ ඒවා නොවෙයි. ඒවා යම් කිසි දුරකට අඳුරු කරනිර්මාණය කර තිබෙනවා. එසේ කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ සුර්ය ආලෝකය ග්‍රහණය කර ගැනීම සඳහා එය අඳුරු කලයුතු වීමයි. නැතිනම් සුර්ය පැනලය මතට වැටෙන ආලෝක කිරණ සෑම එකක් ම පාහේ අවශෝෂණය නොවීම මාධ්‍යය හරහා ගමන් කර ඉවත්ව යනවා.

මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් මෑතකදී අපූරු සොයාගැනීමක් සිද්ධ කළා. ඔහු තමන්ගේ කණ්ඩායමත් සමඟ එක් ව විදුරු මෙන් පැහැදිලි සූර්ය පැනලයක් නිර්මාණය කිරීමට සමත්වුණා. ඇත්තටම මේ නව සොයාගැනීම සූර්ය පැනල තාක්ෂණයේ නව හැරවුමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ සූර්ය පැනල හරියට නිකන් වීදුරු වගේමයි. මෙසේ විනිවිධ පෙනෙන ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම ඉතා අපහසු කටයුත්තක්. ඒ ඔවුන් ශක්තිය නිපදවන්නේ අවශෝෂණය කරගන්න ෆෝටෝන ඉලෙක්ට්‍රෝන බවට පත්කිරීම නිසයි. මෙය විදුරු මෙන් පැහැදිලි නිසා අවශ්‍ය සූර්ය කිරණ අවශෝෂණය කිරීමට ඔවුන් නව තාක්ෂණයක් භාවිතා කළා. එය TLSC ( transparent luminescent solar concentrator) ලෙස හඳුන්වනවා. මෙහිදී අදාළ පැනලය මත වූ කාබනික ලවනයක් මගින් සුර්යාලෝකයේ මිනිස් ඇසට හසුනොවන පරාසයේ ඇති හිරු කිරණ අවශෝෂණය කරගැනීම සිදුකරනවා. මේ තාක්ෂනය පාරදෘශ්‍ය ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම සඳහාත් මගපාදනවා. මෙහිදී ශක්තිය ලබාගැනෙන්නේ අධෝරක්ත කිරණ සහ පාර ජම්බුල කිරණ මගිනි.

මෙහිදී ප්‍රභාසම්පන්න ආලෝකයක් නිර්මාණය කෙරෙන අතර එය අදාළ සුර්ය පැනලය කෙළවරවල් වල ඇති ප්‍රකාශ වෝල්ටීය කෝෂ වෙත යැවීම සිදුකෙරෙනවා. එමගින් විදුලිය නිෂ්පාදනය කෙරෙනවා.
මේ වන විට එදිනෙදා භාවිතා වන සුර්ය පැනල වල කාර්යක්ෂමතාව 7%ක් පමණ වනවා. නමුත් මේ නව නිර්මාණයේ කාර්යක්ෂමතාව 5% පමණ වනු ඇති බවයි විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ වන විට භාවිතා වන සුර්ය පැනල වලට සාපේක්ෂව මේ නව විදුරු වැනි සූර්ය පැනල විශාල ගොඩනැගිලි වල විදුරු වෙනුවට භාවිතා කිරීමේ ඇති හැකියාව නිසා මෙය ඉතාමත් පලදායි ක්‍රමයක් වනු ඇති බවට මේ සොයාගැනීම කල පර්යේෂණ කණ්ඩායම සිය අදහස් පලකරනවා.
මෙය ගොඩනැගිලි වලට පමණක් නොව තවත් බොහෝ දේ සඳහා යොදාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුධයට මෙය කදිම විසඳුමක් වනු ඇත.

Yamaha සමාගම මෝටර් සයිකල් ධාවනය කළහැකි රොබෝවෙකු නිර්මාණය කරයි


මෝටර් සයිකල් ලොවේ දැවැන්තයකු වන ජපානයේ Yamaha මෝටර් සයිකල් සමාගම මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ මෝටර් සයිකල් ධාවන ශුරයන් අනුගමනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමටයි. මෙවර Tokyo මෝටර් රථ ප්‍රදර්ශනයෙඩ් ඔවුන් සිය නවතම නිර්මාණය එළිදැක්වූවා. ඔවුන් මෙය Motobot (මොටෝබෝට්) ලෙස නම් කර තිබෙනවා. මෙය මෝටර් සයිකලයක් ධාවනය කරන මිනිසෙකුට සමාන රෝබෝ යන්ත්‍රයක්.
Yamaha (යමහා) සමාගමේ බලාපොරොත්තුව වන්නේ පැයට කිලෝමීටර 200කට වඩා වැඩි වේගයකින් මෝටර් සයිකලයක් ධාවනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමයි. මේ ප්‍රදර්ශනයේදී ඔවුන් Motobot ට මෝටර් සයිකලයක් ධාවනය කල හැකි උපරිම වේගය පිළිබඳව නම් නිශ්චිත ලෙස සඳහන් කලේ නෑ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Yamaha සමාගම පවසා සිටියේ මෝටර් සයිකලයක් නිවැරදිව ධාවනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ අතර ඉතා ඉහල වේගයක දී එහි පාලනය නිවැරදිව පවත්වාගැනීම සඳහා ඉතා සංවේදී උපකරණ සහ පාලන පද්ධති භාවිතා කිරීමට සිදුවන බවයි. Yamaha සමාගම මේ මෝටර් සයිකල්ධාවන රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමේ එක් අරමුණක් වන්නේ මෝටර් සයිකල් ධාවකයන්ට වඩා ආරක්‍ෂිත ගමනක් ලබා දීමට බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
මේ නිර්මාණාත්මක වෙළඳ දැන්වීමේ දී ලෝක ශුර ඉතාලියානු ජාතික වැලන්ටිනෝ රෝසි ගේ කුඩා කාලයේ ඡායාරූපයක් පෙන්වමින් යාන්ත්‍රික හඬකින් මෙසේ පවසා සිටිනවා. ” මම දිනෙන් දිනම දියුණු වෙමින් සිටිනවා. අවුරුදු 5ක් වන ඔබව වත් මට අභිභවා යාමට හැකිදැයි මම නොදනී. නමුත් මම මිනිසෙකු නොවේ. ඒ නිසා මට විතරක් කල හැකි යමක් තිබිය යුතුයි. මම මොටොබොට්. මා නිර්මාණය වන්නේ ඔබසැම අභිභවා යාමටයි”
මිනිසා විසින් නිර්මාණය කරන තාක්ෂනය මිනිසාටම අභියෝග කරන දවස වැඩි ඈතක නොවෙයි.



ලේසර් වලින් පණගැන්වෙන අකුණු සන්නායක මගින් විදුලිය ඇදගැනීම


විදුලි කෙටිම පිළිබඳව පර්යේෂණ පවත්වන ජෙරුසෙලමේ Hebrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අකුණු අනතුරු වලට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති ඉලක්ක වලින් අකුණු සැර වෙනත් දිශාවකට යොමු කල හැකි ලේසර් පද්ධතියක් නිර්මාණය කරලා තියනවා.
සාමාන්‍යයෙන් ප්‍රබල ලේසර් කිරණයක් වාතය හරහා එල්ල කල විට එමගින් එම කිරණය ගමන් ගන්නා මගෙහි ඇති වාතයේ අංශු අයනිකරණයකට ලක්වීම එනම් ප්ලාස්මා තත්වයට පත්වීමේ හැකියාවක් පෙන්වනවා.

Plasma
එමගින් ක්ෂණිකවම යම්කිසි විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. නමුත් මේ ප්ලාස්මා මාර්ගය අපේ පියවි ඇසට ග්‍රහණය නොවන්නේ එය කෙස් ගසකිනුත් සියයෙන් එකක් තරම් ඉතාමත් සිහින් වන බැවිනි. ඒ වගේම එය නැනෝ තත්පර කිහිපයකට පමණක් සිමා වෙනවා. මේ ප්ලාස්මා මාර්ගය ඔස්සේ විද්‍යුතයට ගමන් කිරීමට ඇති හැකියාව පර්යේෂකයන්ගේ අවදානයට යොමු වුනා. ඔවුන් මේ මාර්ගය ඔස්සේ දෙවෙනි වරටත් ලේසර් කිරණයක් යවා ප්ලාස්මා මාර්ගය උණුසුම්ව වැඩි කාලයක් ආරෝපිතව පවත්වා ගැනීමට සමත් වුණා. එය පෙර පවතී කාලයට වඩා දස ගුණයක වැඩිවීමක්. එම කාලය අකුණු පහරක් යලි හරවා යැවීමට ප්‍රමාණවත් කාලයක් බවට සොයා ගැනුනා.
මේ පිළිබඳව අදහස් දක්වමින් පර්යේෂණයට සම්බන්ධ වූ Jenya Papeer පවසා සිටියේ මේ සොයාගැනීමේ මෙහි අපූර්වත්වය වන්නේ නියමිත උපකරණ හා ශක්තිමත් ලේසර් කිරණයක් භාවිතා කරමින් මේ මාර්ගය මේ තත්ත්වයෙන් කැමති වෙලාවක් පවත්වාගැනීමට හැකියාව පැවතීම බවයි.
මේ මගින් පොලව මත ඇති වස්තුවක් කරා එන විදුලි සැරක් ආපසු හරවා යැවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.


Tuesday, July 28, 2015

මේවගේ ලිමසීන් කාර් එකක් හොයාගන්න පුළුවන් අමෙරිකාවෙන් විතරයි.


ඕගොල්ලොන්ට මතක ඇති අපි ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා මහතාටම වෙන්වුණු විශේෂිත ගුවන් යානයක් වන AirForce One ගුවන් යානය ගැන ඕගොල්ලොන්ට කිව්වා. අපි මේ ලිපියෙන් කතාකරන්නේ එතුමා වෙනුවෙන් ම නිර්මාණය කරලා තියන එතුමාගේ නිල රථය පිළිබඳවයි. මෙය කැඩිලැක් One එහෙම නැත්තන් Beast කියන නමින් හඳුන්වන්නේ. මේ මෝටර් රථය නිර්මාණය කිරීමට දැනට ලෝකයේ පවතින ඉතාමත් දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන තිබෙන අතරම මේවගේ කාර් 12ක් එතුමාගේ ආරක්ෂාව සඳහා යොදවලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඒවගේම මේ මෝටර් රථ වලට පැය 24පුරාම ආරක්ෂාව සැපයෙනවා. ඒ වගේම මෙතුමා මේ මෝටර් රථයේ ගමන් කරන සෑම අවස්ථාවකම එහි ආරක්ෂාව සඳහා ආරක්‍ෂිත රථ 45ක් ගමන් කරනවා. මේ රථය V8 එන්ජිමක් සහිත Cadillac වර්ගයේ මෝටර් රථයක්. මේ රථයට ගමන් කරන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර 100ක්. මේ රථයේ සුවිශේෂී කරුණු ගැන කතා කරද්දී මේ රථයේ ඇතැම් තොරතුරු රහසක් ලෙස පවතිනවා. ඒ පිළිබඳව දන්නේ ඉතා සීමිත පිරිසක්.
මේ වෙඩි නොවදින මෝටර් රථය නිර්මාණය කිරීමට වානේ, ඇලුමිනියම්, ටයිටේනියම්, සහ සෙරමික් භාවිතා කර තිබෙනවා. ඒවගේම මෝටර් රථය පතුලේ වානේ තහඩුවක් සවිකර තිබෙන්නේ බෝම්බ වලින් ආරක්ෂාව ලබාදීම සඳහායි. ජානාධිපතිතුමා ගමන් කරන කොටස සම්පුර්ණයෙන්ම මුද්‍රා වන සේ නිර්මාණය කරතිබෙන්නේ රසායනික ප්‍රහාර වලින් ආරක්ෂාව සඳහායි. ඒවගේම මේ රථයේ රෝද වල වානේ රිම් සහ Kevlar නම් වෙඩි නොවදින රබර් විශේෂයෙන් නිර්මාණය කරතිබෙනවා. රියදුරුගේ ජනේලය පමණක් අඟල් 3ක් විවෘත කල හැකි අතර රථයේ ඉන්ධන ටැංකියත් හදිසි අවස්ථාවකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබෙන්නේ ඇති විය හැකි පිපිරුම් වැලැක්විමටයි. රථයේ පිටුපස ගිනි නිවන උපකරණ, ඔක්සිජන් සැපයුමක් සහ ජනාධිපති වරයාගේ රුධිර වර්ගයට පිරවූ බහාලනයක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ විශේෂ ගුවන් යාන සමඟම මේ රථයත් රැගෙන යනවා. රථය ඉදිරිපස දෙපසට වන්නට කොඩි දෙකක් සවිකර තිබෙනවා. විදේශ සංචාර වල යෙදෙන අවස්ථා වලදී අදාළ රටේ කොඩිය මෙයින් එක ස්ථානයකට සවිකෙරෙනවා. මෙහි දොරක් අඟල් අටක් පමණ ඝනකම් වන අතර ගුවන් යානයක දොරක් මෙන් බරයි. මෙහි වෙඩිනොවදින වීදුරුවක් අඟල් 5ක් පමණ ඝනකම්. රථය තුල සැටලයිට් දුරකතනයක් ද ස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂාව සඳහා රථය ඉදිරිපස කඳුළු ගෑස් විදින දෙකක් සහ Night Vision කැමරාවක් තිබෙනවා. Shot Gun වර්ගයේ තුවක්කුවක් ද රථය තුල තියනවා කියල දැනගන්න ලැබෙනවා.

ගැඹුරු මුහුද ආලෝකමත් කරන අපුරු සතුන්

ගැඹුරු මුහුද ගැන කතා කරද්දී ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු තවමත් ගවේෂණය කෙරෙමින් පවතිනවා. හැබැයි හොයාගෙන තියන විස්තර වලට අනුව නම් ගැඹුරු මුහුද කියන්නේ අපූරු තැනක්. ගැඹුර වැඩි හින්දම ඒ ප්‍රදේශ වලට හිරු එලිය ලැබෙන්නේ නැති තරම්. ඉතින් ඒක හින්දම විවිධ වර්ගයේ මාළු, කවචයන් , වගේම ක්ෂුද්‍ර ජිවින් බොහොමයකට ආලෝකය උත්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ගොඩබිම ජිවත් වන සතුන්ගේ මෙවැනි ලක්ෂණයක් දැකගැනීම තරමක් අපහසු වනවා. නමුත් අපිට හුරුපුරුදු සතෙක් වෙන කණාමැදිරියාගෙන් මෙවැනි දෙයක් දැකගන්න ලැබෙනවා. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙවැනි ආලෝකයක් සත්වයන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ සහකරුවන් සොයාගැනීමට නැතිනම් අනතුරුවලින් වැලකි සිටීමට හා සතුන් දඩයම් කරගැනීමට බවයි. ගැඹුරු මුහුදේ ජිවත් වන සතුන්ගෙන් 80% කගේ පමණ මේ ලක්ෂණය දැකගැනීමට හැකිවන බව පිළිගැනෙනවා. මේ හැකියාව ජෛව සන්දීප්තිය නැතිනම් bioluminescent ලෙස හැඳින්වෙනවා. සොබාදහම සියලු සතුන්ගේ ජිවිත ගොඩනගා ඇති අපූරුව මේ ඡායාරූප පෙලින් ඔබට මනාවට වටහා ගැනීමට හැකිවනු ඇත.

Pyrodinium, a bioluminescent type of dinoflagellate plankton.

Bioluminescent squid.

A scaleless black dragonfish, a bioluminescent deep sea fish showing its light emitting organs, large jaws, and needle-like teeth.

A pink helmet jellyfish in the Arctic Ocean.

Comb jellyfish in the Arctic Ocean.

Japanese firefly squid.

Comb jellyfish in Antarctica.

Big fin reef squid in Indonesia.

A deep sea squid in Atlantic ocean

Comb jellyfish in the North Atlantic Ocean.

Flower hat jellyfish

Luminescent soft coral polyps

Saturday, July 25, 2015

ඔබත් පරිගණකය හෝ ජංගම දුරකථනය ඉදිරිපිට දවසේ බොහෝ කාලයක් ගත කරනවා ද ?


21 වැනි සියවසේ ජීවත් වන සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම පර්යේෂණ වලට අනුව අවම වශයෙන් දිනකට පැය 9ක කාලයක් ගත කරන්නේ පරිගණකය හෝ එවැනි උපකරණයක් සමඟයි. මේ නිසාම ඔබේ සෞඛ්‍ය විශාල අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ තත්වය නිසා බලපෑම් ඇතිවන්නේ ඔබේ පෙනිමටයි. ඒ කියන්නේ ඔබේ ඇස් දෙකට.
මෑතකදී සිදු කල සමීක්ෂණයකට අපි ජිවත් වන කාලයට අයත් නුතන පරපුරේ 68% ක් තරම් විශාල ප්‍රතිශතයකට මේ නිසා බලපෑම් ඇති වී තිබෙනවා. ඔවුන් “Digital Eye Strain” නම් තත්වයට පත්ව සිටිනවා.
සමීක්ෂණ මගින් මෙලෙස කරුණු අනාවරණය කෙරුණත් අපගේ එදිනෙදා කාර්ය බහුල ජිවිතයේ දී ඩිජිටල් උපකරණයක තිරයක් දෙස බලා සිටීමෙන් මිදීම අපහසු කරුණක්. එක් අතකට අපිට එය ජිවිතයේ නැතිවම බැරි අංගයක් බවට පත්ව තිබේ. මේ නිසා අපේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා අපි කුමක් කල යුතු ද ?
ඉහත සඳහන් රූප සටහන දෙස බලන විට අපේ ඇසට වඩාත් බලපෑමක් ඇති කරවන ආලෝක පරාසයක් ම ඇති බව දිස්වනවා. ඇස් වෙහෙසට පත්වීමට බලපාන කරුණු අතර ඩිජිටල් තිර දෙස බොහෝ වෙලා බලා සිටීම සලකන්න පුළුවන්. එය ඔබේ පරිගණකයේ තිරය, ජංගම දුරකථනය, ටැබ් එක , රුපවාහිණිය මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. මෙයින් නික්මෙන විවිධ ආලෝක දෙස අපි අසාමාන්‍ය ලෙස දීර්ග කාල පරාසයක් පුරාවටම දෑස් අයාගෙන සිටිමු. මෙවැනි අවස්ථා වලදී ඇස් පිල්ලම් ගැසීම අඩු වන අතරම ඔබේ ඇස් විඩාවට පත්වනවා. ඒ නිසාම ඇසේ විවිධ ආසාත්මිකතා සහ වියලීම් ඇතිවනවා.
දීප්තිමත් තිර වලින් (screens) නික්මෙන නිල් ආලෝකයෙන් ඇස් වලට ඇති බලපෑම විශාලයි.
එම ආලෝකය high-energy visible, “HEV” light ලෙස හැඳින්වෙනවා. විශේෂඥයන් පවසන අන්දමට දීර්ග කාලයක් පුරා මේ නිල් ආලෝකයට දෑස් නිරාවරණය වීම ඇසේ දෘෂ්ටි සෛල වලට වුව ද හානි කරන බවයි.
ඔබේ ඇස් විඩාවට පත්වී ඇති බව දැනගන්නේ කෙසේ ද ?
ඔබේ ඇස් වලට අමුත්තක් දැනෙනවා ද ? ඇස් රතු වීම, ඇස් වල වියලි ගතිය, බොඳ වී පෙනීම, ඇස් වලින් කඳුළු ගැලීම සහ හිසේ කැක්කුම මෙහි ලක්ෂණ වේ.
මේ තත්වය මගහරවා ගැනීමට ඔබට කල හැකි සරලම දෙයක් වන්නේ ඔබ භාවිතා කරන උපකරණය පසෙක තබා විවේක ගැනීමයි. සාමාන්‍යයෙන් උපදෙස් ලැබෙන්නේ සෑම විනාඩි 20කටම වරක් ඔබේ දෑස් වලට විවේකයක් ලබා දිය යුතු බවයි. ඒවගේම විවේක ගන්නා අවස්ථාවල ඈතින් ඇති වස්තුවක් දෙස බලාසිටිමටත් උපදෙස් ලැබෙනවා. එමගින් ඇස තුල ඇති සියුම් පේශීන් විවේක ගැන්වෙනවා.
නමුත් පරිගණක වල වැඩ කරගෙන යන ඔබට මෙසේ විවේක ගන්නට මතක් නොවෙන බව අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ සඳහා විසඳුමක් ලෙසSmartBreak නම් මෘදුකාංගයක් නිර්මාණය කර තිබෙනවා. මෙමගින් ඔබ පරිගණකය භාවිතා කරන කාලය පිළිබඳව වාර්තා සටහන් කර ගන්නවා. ඒවගේම විවේක ගැනීමට මතක් කරවනවා.
ඔබේ ඇස් වලට ඇති වන බලපෑම් අවම කිරීමට ඔබ භාවිතා කරන තිරයේ දීප්තිමත් බව අවශ්‍ය මට්ටමට සකස් කර ගන්න. ඒවගේම ඔබ වැඩ කරන කාමරයේ ආලෝක මට්ටමට සමාන මට්ටමකට තිරයේ ආලෝක මට්ටම සකස් කරගන්න. ඒ වගේම ඔබ ඇස් කණ්ණාඩි පළදින පුද්ගලයකු නම් ඔබේ ඇස් කණ්ණාඩි විශේෂඥයා හමුවී අහිතකර කිරණ අවම කරවන ආකාරයේ උපැස් යුවලක් නිර්මාණය කරවා ගන්න.
මේ පියවරවල් අනුගමනය කර අන් අයවත් දැනුවත් කරන්න.

GoPro සමාගමේ නවතම කැමරාව HERO4 Session

GoPro කැමරාවක් බොහෝවිට භාවිතා වන්නේ නොයෙක් ක්‍රියාදාම හා ත්‍රාසජනක අවස්ථා සඳහායි. මෙය නිර්මාණය කර තිබෙන්නේ ජලයෙන් හානියක් සිදුනොවන ආකාරයටයි. ඒ කියන්නේ ම කැමරා සියල්ලම යම්කිසි ගැඹුරක් දක්වා Waterproof වන බවයි. HERO4 පරපුරට අලුතෙන් එකතු වන මේ නව GoPro කැමරාව ඔවුන් හඳුන්වන්නේ HERO4 Session ලෙසටයි. මේ නව GoPro කැමරාව මින් පෙර හඳුන්වාදුන් HERO4 Black කැමරාවට වඩා භාවිතා කිරීමට පහසු වන අතර බොහෝ කාර්යයන් සිදුකරගැනීම සඳහා එකම බොත්තමක් භාවිතා කිරීමේ අවස්තාව ලබා දී තිබේ. මේ කැමරාවත් ඔබේ දුරකතනයේ ඇති app එකක් මඟින් පාලනය කල හැක.
HERO4 Session කැමරාව HERO4 Black සහ Silver යන කැමරා මාදිලි දෙකට වඩා 50%කින් කුඩා වන අතර 40% කින් සැහැල්ලුය. දළ වශයෙන් සමචතුරශ්‍ර හැඩයක් ගනියි. මෙයට MicroSD වර්ගයේ මෙමරි චිපයක් ඇතුළු කල හැකි අතර එක් වරක් චාර්ජ් කර පැය 2ක් පමණ භාවිතා කල හැක. WiFi , Bluetooth සහ Micro USB port එකකින් ද සමන්විතයි. මීටර 10ක් තරම් ගැඹුරු ජලයේ ක්‍රියාකළ හැකි අතර මිට පෙර නිකුත් කර ඇති GoPro මාදිලි සඳහා භාවිතා කල සියලු උපාංග මෙය සමඟ ද භාවිතා කල හැක.
මේ නව කැමරාවටත් Full HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ඇති අතර මෙගාපික්සල් 8ක කැමරාවකින් යුක්තයි. මේ නව කැමරාව පිටත පරිසරයේ ශබ්ද අවම කිරීම සඳහා මයික්‍රෆෝන දෙකකින් සමන්විතයි. ජූලි 12වනදා සිට මෙය අලෙවි කිරීම ආරම්භ වන අතර එය මුදලින් ඩොලර් 399(රුපියල් 53,000ක් පමණ) ක් වනවා.

රික්තයක් ඇතුලේ බෝලයක් සහ කුරුළු පිහාටුවක් නිදහසේ මුදාහැරියොත් මොකක් වෙයි ද ?

අපි ජිවත් වන්නේ පෘථිවියේ. පෘථිවිය වතා වායුගෝලයක් පවතිනවා. ඒ නිසාම යම් වස්තුවක් එකම උසක සිට නිදහසේ මුදාහරිමකට ලක් කලොත් එක් එක් වස්තුව පොලව මත පතිත වීමට ගතවන කාලය වෙනස් වනවා. මේ තත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අවට පරිසරයේ වායුව මගින් එක් එක් වස්තුව මත ඇති කරවන වායු ප්‍රතිරෝධක බලය යි. නමුත් ඔබ මේ කාරණය පිළිබඳව දැන සිටියා ද ? යම් කිසි වස්තු දෙකක් එකම උසක සිට රික්තයක් තුල මුදාහරියහොත් එම වස්තු දෙකම එකම අවස්තාවක සිය ගමනාන්තය කරා ලඟා වන බව ? උදාහරණයක් ලෙස ඔබ රබර් බෝලයක් සහ කුරුළු පිහාටුවක් නිදහසේ මුදාහැරියහොත් ඒ වස්තූන් දෙකම එකම මොහොතේ පොළවට පතිත වනවා. මේ පිළිබඳව ඔබ අසා තිබ්බත් එවැනි දෙයක් පරික්ෂනාත්මකව පෙන්වන ආකාරය දැක නොතිබෙන්නට පුළුවන්. ඒ නිසාම අපි හිතුවා මේ අපූරු වීඩියෝව ඕගොල්ලොන්ට ලියන්න.
මේ දර්ශන පටිගත කරලා තියෙන්නේ නාසා ආයතනයේ කුටීරයක් තුල. මේක විශේෂයෙන්ම භාවිතා කෙරෙන්නේ අභ්‍යාවකාශයේ වගේ වටපිටාවක් නිර්මාණය කරන්න. පිහිටලා තියෙන්නේ ඔහියෝ වල. (Ohio) මෙහි පරිමාව ඝන මීටර 22,653ක්. ලෝකයේ දැනට ඇති විශාලම රික්ත කුටිරයත් මේක තමයි.
මේ විඩියෝවෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් බෝලිං ක්‍රීඩාවේ භාවිතා කරන බෝලයක් සහ කුරුළු පිහාටු කිහිපයක් එකම උසක සිට සාමාන්‍ය වායුගෝල තත්ත්ව යටතේ මුදාහැරෙන ආකාරය. ඉන්පසුව ඔවුන් මේ කුටීරය තුල අඩංගු වායුව සම්පුර්ණයෙන්ම ඉවත් කර පරීක්ෂණය නැවත සිද්ධ කරනවා.
ඒ පිළිබඳව විස්තර කරනවට වඩා බලලම හිටියොත් හොඳයි.

Wednesday, June 10, 2015

ඔන්න 4GB RAM එකක් තියන ෆෝන් එකක් එන්නලු යන්නේ.


අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන පරිගණක වල තියෙන්නේ 2GB විතර රැම් එකක්. ඉස්සරනං තිබ්බේ 512MB එහෙම නැත්තන් 1GB RAM එකක්. කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙලා තියනවා. දැන් නම් 4GB , 6GB ප්‍රමාණයේ RAM තියන පරිගණක හොයාගන්න එකත් එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒත් 4GB RAM එකක් තියන ෆෝන් එකක් ගැන කිව්වම ඕන කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. මොකද ෆෝන් එකකට ඒවගේ ලොකු RAM එකකින් ප්‍රයෝජනයක් තියනවා ද කියන ප්‍රශ්නය එන හින්දා. කොහොමහරි තව දවස් කිහිපයකින් ඒ කියන්නේ ජූනි 8 වනදා Huawei සමාගම එළිදක්වන්න බලාපොරොත්තු වෙන Honor 7 දුරකතනයේ 4GB RAM එකක් තියනවා කියල මේ වෙනකොටත් ආරංචි මාර්ග පැතිරෙමින් පවතිනවා. ඒවගේම මේකේ දුරකථන මාදිලි දෙකක් එන බවත් එක දුරකතනයක 3GB RAM එකක් අන්තර්ගත වන බවත් පැවසෙනවා. අඟල් 5ක Full HD තිරයක් සහ මෙගාපික්සල් 13ක කැමරාවකින් ද සමන්විත වන බවට දැනගන්නට ලැබෙනවා. මේ දුරකථනයත් Android දුරකතනයක් වන අතර Android Lollipop 5.0 මත ක්‍රියා කරන බවත් දැනගන්නට ලැබෙනවා. දුරකතනයේ විශාල ධාරිතාවක් සහිත 3,280mAh බැටරියක් තියනවා ලු. මේ ගැන වැඩි විස්තර ජූනි 8වෙනිදා ට දැනගන්න පුළුවන්.