Saturday, July 25, 2015

GoPro සමාගමේ නවතම කැමරාව HERO4 Session

GoPro කැමරාවක් බොහෝවිට භාවිතා වන්නේ නොයෙක් ක්‍රියාදාම හා ත්‍රාසජනක අවස්ථා සඳහායි. මෙය නිර්මාණය කර තිබෙන්නේ ජලයෙන් හානියක් සිදුනොවන ආකාරයටයි. ඒ කියන්නේ ම කැමරා සියල්ලම යම්කිසි ගැඹුරක් දක්වා Waterproof වන බවයි. HERO4 පරපුරට අලුතෙන් එකතු වන මේ නව GoPro කැමරාව ඔවුන් හඳුන්වන්නේ HERO4 Session ලෙසටයි. මේ නව GoPro කැමරාව මින් පෙර හඳුන්වාදුන් HERO4 Black කැමරාවට වඩා භාවිතා කිරීමට පහසු වන අතර බොහෝ කාර්යයන් සිදුකරගැනීම සඳහා එකම බොත්තමක් භාවිතා කිරීමේ අවස්තාව ලබා දී තිබේ. මේ කැමරාවත් ඔබේ දුරකතනයේ ඇති app එකක් මඟින් පාලනය කල හැක.
HERO4 Session කැමරාව HERO4 Black සහ Silver යන කැමරා මාදිලි දෙකට වඩා 50%කින් කුඩා වන අතර 40% කින් සැහැල්ලුය. දළ වශයෙන් සමචතුරශ්‍ර හැඩයක් ගනියි. මෙයට MicroSD වර්ගයේ මෙමරි චිපයක් ඇතුළු කල හැකි අතර එක් වරක් චාර්ජ් කර පැය 2ක් පමණ භාවිතා කල හැක. WiFi , Bluetooth සහ Micro USB port එකකින් ද සමන්විතයි. මීටර 10ක් තරම් ගැඹුරු ජලයේ ක්‍රියාකළ හැකි අතර මිට පෙර නිකුත් කර ඇති GoPro මාදිලි සඳහා භාවිතා කල සියලු උපාංග මෙය සමඟ ද භාවිතා කල හැක.
මේ නව කැමරාවටත් Full HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ඇති අතර මෙගාපික්සල් 8ක කැමරාවකින් යුක්තයි. මේ නව කැමරාව පිටත පරිසරයේ ශබ්ද අවම කිරීම සඳහා මයික්‍රෆෝන දෙකකින් සමන්විතයි. ජූලි 12වනදා සිට මෙය අලෙවි කිරීම ආරම්භ වන අතර එය මුදලින් ඩොලර් 399(රුපියල් 53,000ක් පමණ) ක් වනවා.

0 comments:

Post a Comment