Saturday, July 25, 2015

රික්තයක් ඇතුලේ බෝලයක් සහ කුරුළු පිහාටුවක් නිදහසේ මුදාහැරියොත් මොකක් වෙයි ද ?

අපි ජිවත් වන්නේ පෘථිවියේ. පෘථිවිය වතා වායුගෝලයක් පවතිනවා. ඒ නිසාම යම් වස්තුවක් එකම උසක සිට නිදහසේ මුදාහරිමකට ලක් කලොත් එක් එක් වස්තුව පොලව මත පතිත වීමට ගතවන කාලය වෙනස් වනවා. මේ තත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අවට පරිසරයේ වායුව මගින් එක් එක් වස්තුව මත ඇති කරවන වායු ප්‍රතිරෝධක බලය යි. නමුත් ඔබ මේ කාරණය පිළිබඳව දැන සිටියා ද ? යම් කිසි වස්තු දෙකක් එකම උසක සිට රික්තයක් තුල මුදාහරියහොත් එම වස්තු දෙකම එකම අවස්තාවක සිය ගමනාන්තය කරා ලඟා වන බව ? උදාහරණයක් ලෙස ඔබ රබර් බෝලයක් සහ කුරුළු පිහාටුවක් නිදහසේ මුදාහැරියහොත් ඒ වස්තූන් දෙකම එකම මොහොතේ පොළවට පතිත වනවා. මේ පිළිබඳව ඔබ අසා තිබ්බත් එවැනි දෙයක් පරික්ෂනාත්මකව පෙන්වන ආකාරය දැක නොතිබෙන්නට පුළුවන්. ඒ නිසාම අපි හිතුවා මේ අපූරු වීඩියෝව ඕගොල්ලොන්ට ලියන්න.
මේ දර්ශන පටිගත කරලා තියෙන්නේ නාසා ආයතනයේ කුටීරයක් තුල. මේක විශේෂයෙන්ම භාවිතා කෙරෙන්නේ අභ්‍යාවකාශයේ වගේ වටපිටාවක් නිර්මාණය කරන්න. පිහිටලා තියෙන්නේ ඔහියෝ වල. (Ohio) මෙහි පරිමාව ඝන මීටර 22,653ක්. ලෝකයේ දැනට ඇති විශාලම රික්ත කුටිරයත් මේක තමයි.
මේ විඩියෝවෙන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන් බෝලිං ක්‍රීඩාවේ භාවිතා කරන බෝලයක් සහ කුරුළු පිහාටු කිහිපයක් එකම උසක සිට සාමාන්‍ය වායුගෝල තත්ත්ව යටතේ මුදාහැරෙන ආකාරය. ඉන්පසුව ඔවුන් මේ කුටීරය තුල අඩංගු වායුව සම්පුර්ණයෙන්ම ඉවත් කර පරීක්ෂණය නැවත සිද්ධ කරනවා.
ඒ පිළිබඳව විස්තර කරනවට වඩා බලලම හිටියොත් හොඳයි.

0 comments:

Post a Comment