Wednesday, November 18, 2015

Microsoft සමාගම හඳුන්වාදෙන Surface Pro 4


තාක්ෂණික ලෝලීන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටි Microsoft සමාගමේ Surface Pro 4 ටැබ් එක පසුගිය සතියේ New York හි පැවති උත්සවයකදී එළිදක්වනු ලැබුණා. මෙය ද්විත්වකාර්ය උපාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙය ටබ් එකක් විදියටත් එහෙම නැතිනම් ලැප්ටොප් එකක් විදියටත් භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නව Surface Pro 4 උපාංගය මිට පෙර හඳුන්වා දුන් Surface Pro 3 එකට සාපේක්ෂව සිහින් සහ සැහැල්ලු වන අතර දත්ත සකස් කිරීමේ වේගය අතින් ද ඉහලයි.

මේ නව ටැබ් එකේ අන්තර්ගතය දෙස බලන කල මෙය 6th generation ( 6 වන පරම්පරාවේ) Intel Core i5 සහ i7 ප්‍රොසෙසර වලින් යුක්තයි. මෙහි මාදිලි කිහිපයක්ම ඇති අතර ඔබ තෝරාගන්නා ප්‍රොසෙසරය අනුව මෙහි දත්ත ගබඩා කල හැකි ප්‍රමාණයත් එහි RAM එකත් තීරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි අඟල් 12.3ක තිරයක් තිබෙන අතර මෙයට කලින් පැමිණි මාදිලියට වඩා තිරයේ ප්‍රමාණය තරමක් විශාලයි. Surface Pro 3 හි පවතී 2,160 x 1,440 pixel-resolution තිරයට සාපේක්ෂව Surface Pro 4 හි PPI 267ක 2,736 x 1,824 pixel-resolution තිරයක් තිබෙනවා.
මෙහි විවිධ මාදිලි වලට අදාළ මිල ගණන් පහත දැක්වෙනවා.
128 GB 6th Generation Intel® Core™ M3 with 4 GB of RAM [රුපියල් 126,000(බදු රහිත මිල)]
128 GB 6th Generation Intel® Core™ i5 with 4 GB of RAM [රුපියල් 140,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i5 with 8 GB of RAM [රුපියල් 182,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 8 GB of RAM [රුපියල් 224,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 252,000(බදු රහිත මිල)]
512 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 308,000(බදු රහිත මිල)]
http://cdn2.mos.techradar.futurecdn.net//art/AAevents/Microsoft%20Devices%202015/screens/28-surface-pro-4-vs-mba-650-80.jpg
Microsoft සමාගම පවසන ආකාරයට Core i5 ප්‍රොසෙසරයක් සහිත 256GB දත්ත ගබඩාවක් සහ 8GB RAM එකක් ඇති Surface Pro 4 එකක් පැය 9ක කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
මේ නව Surface Pro එකත් සමඟ නව යතුරු පුවරුවක් ද හඳුන්වා දී තිබෙනවා. මෙහි Touchpad එක පෙර පැවති මාදිලියට වඩා 40% කින් විශාලයි. මෙහි තවත් එක විශේෂත්වයක් වන්නේ මෙය පෙර පැවති Surface Pro මාදිලි සමඟත් භාවිතා කිරීමට හැකිවීමයි.
මේ උපාංගය සඳහා පූර්ව ඇණවුම් ලබාගැනීම මේ වන විටත් ආරම්භව ඇති අතර මේ මස (ඔක්තෝබර්) 26 වනදා වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි.

0 comments:

Post a Comment