Wednesday, November 18, 2015

පාරදෘශ්‍ය සූර්ය කෝෂ නිර්මාණය කෙරේ.

පාරදෘශ්‍ය එහෙමත් නැතිනම් විනිවිද පෙනෙන මාධ්‍යයකින් ආලෝකය ගමන් කරනවා. විදුරු වගේ මාධ්‍යක් අපි සැලකුවොත් ඒ හරහා බොහෝ අවස්ථාවල සුර්යාලෝකය අවශෝෂණය වීමකින් තොරවම ගමන් කරනවා. අපි අතරට සුර්ය කෝෂ භාවිතය පැමිණ දැන් වසර ගණනාවක් ගතවී තිබෙනවා. නමුත් මේ තාක්ෂණයේ තවදුරටත් දියුණු කල හැකි ක්ෂේත්‍ර බොහොමයි. අපි ගොඩක් වෙලාවට දැකලා තියන සුර්ය කෝෂ ඉතා පැහැදිලි විදුරු වගේ ඒවා නොවෙයි. ඒවා යම් කිසි දුරකට අඳුරු කරනිර්මාණය කර තිබෙනවා. එසේ කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ සුර්ය ආලෝකය ග්‍රහණය කර ගැනීම සඳහා එය අඳුරු කලයුතු වීමයි. නැතිනම් සුර්ය පැනලය මතට වැටෙන ආලෝක කිරණ සෑම එකක් ම පාහේ අවශෝෂණය නොවීම මාධ්‍යය හරහා ගමන් කර ඉවත්ව යනවා.

මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් මෑතකදී අපූරු සොයාගැනීමක් සිද්ධ කළා. ඔහු තමන්ගේ කණ්ඩායමත් සමඟ එක් ව විදුරු මෙන් පැහැදිලි සූර්ය පැනලයක් නිර්මාණය කිරීමට සමත්වුණා. ඇත්තටම මේ නව සොයාගැනීම සූර්ය පැනල තාක්ෂණයේ නව හැරවුමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ සූර්ය පැනල හරියට නිකන් වීදුරු වගේමයි. මෙසේ විනිවිධ පෙනෙන ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම ඉතා අපහසු කටයුත්තක්. ඒ ඔවුන් ශක්තිය නිපදවන්නේ අවශෝෂණය කරගන්න ෆෝටෝන ඉලෙක්ට්‍රෝන බවට පත්කිරීම නිසයි. මෙය විදුරු මෙන් පැහැදිලි නිසා අවශ්‍ය සූර්ය කිරණ අවශෝෂණය කිරීමට ඔවුන් නව තාක්ෂණයක් භාවිතා කළා. එය TLSC ( transparent luminescent solar concentrator) ලෙස හඳුන්වනවා. මෙහිදී අදාළ පැනලය මත වූ කාබනික ලවනයක් මගින් සුර්යාලෝකයේ මිනිස් ඇසට හසුනොවන පරාසයේ ඇති හිරු කිරණ අවශෝෂණය කරගැනීම සිදුකරනවා. මේ තාක්ෂනය පාරදෘශ්‍ය ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම සඳහාත් මගපාදනවා. මෙහිදී ශක්තිය ලබාගැනෙන්නේ අධෝරක්ත කිරණ සහ පාර ජම්බුල කිරණ මගිනි.

මෙහිදී ප්‍රභාසම්පන්න ආලෝකයක් නිර්මාණය කෙරෙන අතර එය අදාළ සුර්ය පැනලය කෙළවරවල් වල ඇති ප්‍රකාශ වෝල්ටීය කෝෂ වෙත යැවීම සිදුකෙරෙනවා. එමගින් විදුලිය නිෂ්පාදනය කෙරෙනවා.
මේ වන විට එදිනෙදා භාවිතා වන සුර්ය පැනල වල කාර්යක්ෂමතාව 7%ක් පමණ වනවා. නමුත් මේ නව නිර්මාණයේ කාර්යක්ෂමතාව 5% පමණ වනු ඇති බවයි විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ වන විට භාවිතා වන සුර්ය පැනල වලට සාපේක්ෂව මේ නව විදුරු වැනි සූර්ය පැනල විශාල ගොඩනැගිලි වල විදුරු වෙනුවට භාවිතා කිරීමේ ඇති හැකියාව නිසා මෙය ඉතාමත් පලදායි ක්‍රමයක් වනු ඇති බවට මේ සොයාගැනීම කල පර්යේෂණ කණ්ඩායම සිය අදහස් පලකරනවා.
මෙය ගොඩනැගිලි වලට පමණක් නොව තවත් බොහෝ දේ සඳහා යොදාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුධයට මෙය කදිම විසඳුමක් වනු ඇත.

0 comments:

Post a Comment