Wednesday, November 18, 2015

Yamaha සමාගම මෝටර් සයිකල් ධාවනය කළහැකි රොබෝවෙකු නිර්මාණය කරයි


මෝටර් සයිකල් ලොවේ දැවැන්තයකු වන ජපානයේ Yamaha මෝටර් සයිකල් සමාගම මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ මෝටර් සයිකල් ධාවන ශුරයන් අනුගමනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමටයි. මෙවර Tokyo මෝටර් රථ ප්‍රදර්ශනයෙඩ් ඔවුන් සිය නවතම නිර්මාණය එළිදැක්වූවා. ඔවුන් මෙය Motobot (මොටෝබෝට්) ලෙස නම් කර තිබෙනවා. මෙය මෝටර් සයිකලයක් ධාවනය කරන මිනිසෙකුට සමාන රෝබෝ යන්ත්‍රයක්.
Yamaha (යමහා) සමාගමේ බලාපොරොත්තුව වන්නේ පැයට කිලෝමීටර 200කට වඩා වැඩි වේගයකින් මෝටර් සයිකලයක් ධාවනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමයි. මේ ප්‍රදර්ශනයේදී ඔවුන් Motobot ට මෝටර් සයිකලයක් ධාවනය කල හැකි උපරිම වේගය පිළිබඳව නම් නිශ්චිත ලෙස සඳහන් කලේ නෑ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Yamaha සමාගම පවසා සිටියේ මෝටර් සයිකලයක් නිවැරදිව ධාවනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ අතර ඉතා ඉහල වේගයක දී එහි පාලනය නිවැරදිව පවත්වාගැනීම සඳහා ඉතා සංවේදී උපකරණ සහ පාලන පද්ධති භාවිතා කිරීමට සිදුවන බවයි. Yamaha සමාගම මේ මෝටර් සයිකල්ධාවන රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමේ එක් අරමුණක් වන්නේ මෝටර් සයිකල් ධාවකයන්ට වඩා ආරක්‍ෂිත ගමනක් ලබා දීමට බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
මේ නිර්මාණාත්මක වෙළඳ දැන්වීමේ දී ලෝක ශුර ඉතාලියානු ජාතික වැලන්ටිනෝ රෝසි ගේ කුඩා කාලයේ ඡායාරූපයක් පෙන්වමින් යාන්ත්‍රික හඬකින් මෙසේ පවසා සිටිනවා. ” මම දිනෙන් දිනම දියුණු වෙමින් සිටිනවා. අවුරුදු 5ක් වන ඔබව වත් මට අභිභවා යාමට හැකිදැයි මම නොදනී. නමුත් මම මිනිසෙකු නොවේ. ඒ නිසා මට විතරක් කල හැකි යමක් තිබිය යුතුයි. මම මොටොබොට්. මා නිර්මාණය වන්නේ ඔබසැම අභිභවා යාමටයි”
මිනිසා විසින් නිර්මාණය කරන තාක්ෂනය මිනිසාටම අභියෝග කරන දවස වැඩි ඈතක නොවෙයි.



0 comments:

Post a Comment