Wednesday, November 18, 2015

ලේසර් වලින් පණගැන්වෙන අකුණු සන්නායක මගින් විදුලිය ඇදගැනීම


විදුලි කෙටිම පිළිබඳව පර්යේෂණ පවත්වන ජෙරුසෙලමේ Hebrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අකුණු අනතුරු වලට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති ඉලක්ක වලින් අකුණු සැර වෙනත් දිශාවකට යොමු කල හැකි ලේසර් පද්ධතියක් නිර්මාණය කරලා තියනවා.
සාමාන්‍යයෙන් ප්‍රබල ලේසර් කිරණයක් වාතය හරහා එල්ල කල විට එමගින් එම කිරණය ගමන් ගන්නා මගෙහි ඇති වාතයේ අංශු අයනිකරණයකට ලක්වීම එනම් ප්ලාස්මා තත්වයට පත්වීමේ හැකියාවක් පෙන්වනවා.

Plasma
එමගින් ක්ෂණිකවම යම්කිසි විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. නමුත් මේ ප්ලාස්මා මාර්ගය අපේ පියවි ඇසට ග්‍රහණය නොවන්නේ එය කෙස් ගසකිනුත් සියයෙන් එකක් තරම් ඉතාමත් සිහින් වන බැවිනි. ඒ වගේම එය නැනෝ තත්පර කිහිපයකට පමණක් සිමා වෙනවා. මේ ප්ලාස්මා මාර්ගය ඔස්සේ විද්‍යුතයට ගමන් කිරීමට ඇති හැකියාව පර්යේෂකයන්ගේ අවදානයට යොමු වුනා. ඔවුන් මේ මාර්ගය ඔස්සේ දෙවෙනි වරටත් ලේසර් කිරණයක් යවා ප්ලාස්මා මාර්ගය උණුසුම්ව වැඩි කාලයක් ආරෝපිතව පවත්වා ගැනීමට සමත් වුණා. එය පෙර පවතී කාලයට වඩා දස ගුණයක වැඩිවීමක්. එම කාලය අකුණු පහරක් යලි හරවා යැවීමට ප්‍රමාණවත් කාලයක් බවට සොයා ගැනුනා.
මේ පිළිබඳව අදහස් දක්වමින් පර්යේෂණයට සම්බන්ධ වූ Jenya Papeer පවසා සිටියේ මේ සොයාගැනීමේ මෙහි අපූර්වත්වය වන්නේ නියමිත උපකරණ හා ශක්තිමත් ලේසර් කිරණයක් භාවිතා කරමින් මේ මාර්ගය මේ තත්ත්වයෙන් කැමති වෙලාවක් පවත්වාගැනීමට හැකියාව පැවතීම බවයි.
මේ මගින් පොලව මත ඇති වස්තුවක් කරා එන විදුලි සැරක් ආපසු හරවා යැවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.


0 comments:

Post a Comment