Tuesday, July 28, 2015

මේවගේ ලිමසීන් කාර් එකක් හොයාගන්න පුළුවන් අමෙරිකාවෙන් විතරයි.


ඕගොල්ලොන්ට මතක ඇති අපි ඇමෙරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා මහතාටම වෙන්වුණු විශේෂිත ගුවන් යානයක් වන AirForce One ගුවන් යානය ගැන ඕගොල්ලොන්ට කිව්වා. අපි මේ ලිපියෙන් කතාකරන්නේ එතුමා වෙනුවෙන් ම නිර්මාණය කරලා තියන එතුමාගේ නිල රථය පිළිබඳවයි. මෙය කැඩිලැක් One එහෙම නැත්තන් Beast කියන නමින් හඳුන්වන්නේ. මේ මෝටර් රථය නිර්මාණය කිරීමට දැනට ලෝකයේ පවතින ඉතාමත් දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන තිබෙන අතරම මේවගේ කාර් 12ක් එතුමාගේ ආරක්ෂාව සඳහා යොදවලා තියනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඒවගේම මේ මෝටර් රථ වලට පැය 24පුරාම ආරක්ෂාව සැපයෙනවා. ඒ වගේම මෙතුමා මේ මෝටර් රථයේ ගමන් කරන සෑම අවස්ථාවකම එහි ආරක්ෂාව සඳහා ආරක්‍ෂිත රථ 45ක් ගමන් කරනවා. මේ රථය V8 එන්ජිමක් සහිත Cadillac වර්ගයේ මෝටර් රථයක්. මේ රථයට ගමන් කරන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝමීටර 100ක්. මේ රථයේ සුවිශේෂී කරුණු ගැන කතා කරද්දී මේ රථයේ ඇතැම් තොරතුරු රහසක් ලෙස පවතිනවා. ඒ පිළිබඳව දන්නේ ඉතා සීමිත පිරිසක්.
මේ වෙඩි නොවදින මෝටර් රථය නිර්මාණය කිරීමට වානේ, ඇලුමිනියම්, ටයිටේනියම්, සහ සෙරමික් භාවිතා කර තිබෙනවා. ඒවගේම මෝටර් රථය පතුලේ වානේ තහඩුවක් සවිකර තිබෙන්නේ බෝම්බ වලින් ආරක්ෂාව ලබාදීම සඳහායි. ජානාධිපතිතුමා ගමන් කරන කොටස සම්පුර්ණයෙන්ම මුද්‍රා වන සේ නිර්මාණය කරතිබෙන්නේ රසායනික ප්‍රහාර වලින් ආරක්ෂාව සඳහායි. ඒවගේම මේ රථයේ රෝද වල වානේ රිම් සහ Kevlar නම් වෙඩි නොවදින රබර් විශේෂයෙන් නිර්මාණය කරතිබෙනවා. රියදුරුගේ ජනේලය පමණක් අඟල් 3ක් විවෘත කල හැකි අතර රථයේ ඉන්ධන ටැංකියත් හදිසි අවස්ථාවකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර තිබෙන්නේ ඇති විය හැකි පිපිරුම් වැලැක්විමටයි. රථයේ පිටුපස ගිනි නිවන උපකරණ, ඔක්සිජන් සැපයුමක් සහ ජනාධිපති වරයාගේ රුධිර වර්ගයට පිරවූ බහාලනයක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ විශේෂ ගුවන් යාන සමඟම මේ රථයත් රැගෙන යනවා. රථය ඉදිරිපස දෙපසට වන්නට කොඩි දෙකක් සවිකර තිබෙනවා. විදේශ සංචාර වල යෙදෙන අවස්ථා වලදී අදාළ රටේ කොඩිය මෙයින් එක ස්ථානයකට සවිකෙරෙනවා. මෙහි දොරක් අඟල් අටක් පමණ ඝනකම් වන අතර ගුවන් යානයක දොරක් මෙන් බරයි. මෙහි වෙඩිනොවදින වීදුරුවක් අඟල් 5ක් පමණ ඝනකම්. රථය තුල සැටලයිට් දුරකතනයක් ද ස්ථාපනය කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂාව සඳහා රථය ඉදිරිපස කඳුළු ගෑස් විදින දෙකක් සහ Night Vision කැමරාවක් තිබෙනවා. Shot Gun වර්ගයේ තුවක්කුවක් ද රථය තුල තියනවා කියල දැනගන්න ලැබෙනවා.

0 comments:

Post a Comment