Tuesday, July 28, 2015

ගැඹුරු මුහුද ආලෝකමත් කරන අපුරු සතුන්

ගැඹුරු මුහුද ගැන කතා කරද්දී ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු තවමත් ගවේෂණය කෙරෙමින් පවතිනවා. හැබැයි හොයාගෙන තියන විස්තර වලට අනුව නම් ගැඹුරු මුහුද කියන්නේ අපූරු තැනක්. ගැඹුර වැඩි හින්දම ඒ ප්‍රදේශ වලට හිරු එලිය ලැබෙන්නේ නැති තරම්. ඉතින් ඒක හින්දම විවිධ වර්ගයේ මාළු, කවචයන් , වගේම ක්ෂුද්‍ර ජිවින් බොහොමයකට ආලෝකය උත්පාදනය කිරීමේ හැකියාව පවතිනවා. ගොඩබිම ජිවත් වන සතුන්ගේ මෙවැනි ලක්ෂණයක් දැකගැනීම තරමක් අපහසු වනවා. නමුත් අපිට හුරුපුරුදු සතෙක් වෙන කණාමැදිරියාගෙන් මෙවැනි දෙයක් දැකගන්න ලැබෙනවා. විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙවැනි ආලෝකයක් සත්වයන්ගේ ශරීරයෙන් නිකුත් වන්නේ සහකරුවන් සොයාගැනීමට නැතිනම් අනතුරුවලින් වැලකි සිටීමට හා සතුන් දඩයම් කරගැනීමට බවයි. ගැඹුරු මුහුදේ ජිවත් වන සතුන්ගෙන් 80% කගේ පමණ මේ ලක්ෂණය දැකගැනීමට හැකිවන බව පිළිගැනෙනවා. මේ හැකියාව ජෛව සන්දීප්තිය නැතිනම් bioluminescent ලෙස හැඳින්වෙනවා. සොබාදහම සියලු සතුන්ගේ ජිවිත ගොඩනගා ඇති අපූරුව මේ ඡායාරූප පෙලින් ඔබට මනාවට වටහා ගැනීමට හැකිවනු ඇත.

Pyrodinium, a bioluminescent type of dinoflagellate plankton.

Bioluminescent squid.

A scaleless black dragonfish, a bioluminescent deep sea fish showing its light emitting organs, large jaws, and needle-like teeth.

A pink helmet jellyfish in the Arctic Ocean.

Comb jellyfish in the Arctic Ocean.

Japanese firefly squid.

Comb jellyfish in Antarctica.

Big fin reef squid in Indonesia.

A deep sea squid in Atlantic ocean

Comb jellyfish in the North Atlantic Ocean.

Flower hat jellyfish

Luminescent soft coral polyps

0 comments:

Post a Comment