ඇපල් සමාගම විසින් ඔවුන්ගේ නවතම Macbook ලැප්ටොප් එක මාර්තු මස 9වනදා පැවති
උත්සවයේදී එළිදැක්වූවා. අඟල් 12ක ප්රමාණයෙන් යුත් මේ පරිගණකය ඇපල් සමාගම විසින්
දැනට හඳුන්වා දී ඇති සිහින්ම සහ සැහැල්ලුම Mac නිෂ්පාදනය වනවා. මෙය MacBook Air සහ
Retina MacBook Pro (මැක් බුක් එයාර් , රෙටිනා මැක් බුක් ප්රෝ) ලැප්ටොප් වර්ගයට
අයත් නොවන නව මාදිලියකට අයත් වෙයි.
මෙහි ගනකම වන්නේ මිලිමීටර 13.1ක් පමණයි. එය
Macbook Air පරිගණකයට සාපේක්ෂව 24% කින් සැහැල්ලුයි. ඒවගේම බර රාත්තල් 2යි. Retina
තිරයේ resolution එක 2304 x 1440.
මෙය පුළුල් පරාසයේ යතුරු පුවරුවකින් (key board) ද සමන්විතයි. මෙම නව ලැප්ටොප් පරිගණකය වර්ණ 3කින් වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබෙනවා. රිදී , රත්රන් සහ අඳුරු අළු පැහැයෙන් යුත් පරිගණක මේ අතර වනවා. (silver, gold, and space gray)
මිට අමතරව ලැප්ටොප් එකේ ටච් පෑඩ් එක Force Touch trackpad එකකින් සමන්විතයි. එමගින් විවිධ පීඩන මට්ටම් නිර්ණය කරගෙන ඊට අදාළ වැඩසටහන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි යතුරු පුවරුවේ ඇති keys අනෙක් යතුරුපුවරු වල ඇති keys වලට වඩා සිහින් වනවා. butterfly mechanism නම් නව මෙවලමක් උපයෝගී කරගැනීම තවත් විශේෂත්වයක්. සෑම අකුරක්ම වෙනම LED බල්බ වලින් ආලෝකමත් වෙයි.
මෙහි ඇති තවත් විශේෂත්වක් වන්නේ අනෙක් ලැප්ටොප් වල මෙන් සම්බන්ධතා ඇති කල හැකි පොර්ට්ස් ගොඩක් නොතිබීමයි. මේ සඳහා ඔවුන් USB Type-C port එකක් හඳුන්වා දී තිබේ. USB 3.1 connectivity, DisplayPort 1.2, HDMI, සහ VGA සම්බන්ධතා සියල්ල මේ හරහා ලබා ගත හැකි අතර ඒ සඳහා වෙනම ඇඩප්ටර් භාවිතා කිරීමට සිදු වනවා.
මෙම නව පරිගණකය අවම බලයක් යටතේ 1.1GHz සහ 1.2GHz Intel Core M processors සහ Intel HD Graphics 5300 සමගින් ක්රියාකරයි. මේ හේතුවෙන් මෙම පරිගණකය තුල fan නොමැති අතර කිසිඳු ශබ්දයක් නැගෙන්නේ නැත. නව බැටරිය ද වරක් චාර්ජ් කර පැය 9ත් 10ත් අතර කාලයක් භාවිතා කල හැක.
0 comments:
Post a Comment