Saturday, May 16, 2015

චීනයෙන් නවතම සත්ව විශේෂයක් සොයා ගැනේ.


මේ විදියට චීනයෙන් සොයාගෙන තියෙන්නේ එසේ මෙසේ සත්වයෙක් නෙමෙයි කියලයි ආරංචි වෙන්නේ. හම්බුවෙලා තියෙන්නේ වවුලෙකුගේ වගේ තටු සහිත ඩයිනසෝරයෙකු ගේ පොසිලයක්. දැනට ගණන් බලා තියන විදියට මේක වසර මිලියන 160ක් පමණ පැරණියි. ඒ කියන්නේ ලෝකයේ ජීවත්වෙලා තියන පැරණිම කුරුල්ලොන්ට සම කල හැකි ජීවින් කොටසකට අයත් වෙන්නත් පුළුවන්. මේ නිසාම මොවුන්ව හඳුන්වන්න Yi qi (yee – chee) යි චී කියන නම යොදාගෙන තියනවා. මේ විශේෂය චිනයටම ආවේනික කොටසක් ලෙසටත් පිළිගැනෙනවා. මේ නමේ අරුත වන්නේ “අසාමාන්‍ය පියාපත්” යන්න යි.
ඔවුන් මේ නම යෝජනා කරලා තියෙන්නේ මේ වගේ පියාපත් සහිත කුරුල්ලෙකු හෝ ඩයිනසෝරයෙක් මිට කලින් හමුවෙලා නැති නිසා බව Xu Xing මහාචාර්යවරයා පවසා සිටියා. ඔහු මේ සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රමුඛ පෙලේ විද්‍යාඥයෙක්.
මේ ඩයිනසෝරගේ ශරීර ව්‍යුහය පියාඹන ලෙනෙකුට හෝ වවුලෙකු ට සමාන කරන්න පුළුවන්. මේ පිළිබඳව කටයුතු කරන මහාචාර්ය කෙවින් පැඩියන් පවසන්නේ මේ සත්වයාට පිහාටු සහ සියුම් පටක තිබී ඇති බවයි. ඔහු අනුමාන කරන ආකාරයට සත්වයා පියාපත් තටු ගසා පියඹා නැත. මේ පිළිබඳව සැකයක් ඔවුන් තුල පවතින අතර එය සිතා ගැනීම තරමක් අපහසු කටයුත්තක් බවට පත්ව තිබෙනවා.
මේ සත්වයාගේ මුලු ප්‍රමාණය තවමත් නිර්ණය කරගැනීමට නොහැකි වී ඇත්තේ කැනීම් වලදී මුළු සිරුරම සොයාගැනීමට නොහැකි වීම නිසායි. කෙසේ නමුත් මේ සත්වයා ප්‍රමාණයෙන් කුඩා වන්නට ඇතැයි මත පල කෙරෙනවා. ඒ උගේ හිස්කබල සෙන්ටිමීටර 4ක් පමණ වන නිසා.

0 comments:

Post a Comment