Tuesday, February 17, 2015

දැන් ඔබේ Facebook ගිණුම ඔබ ජීවතුන් අතර නැති කාලෙක බලාගන්න කියල කාටහරි පවරන්න පුළුවන්


දැන් ඔබේ facebook ගිණුම ඔබ මිය ගිය පසු මකා දැමීමට හෝ , එහෙමත් නැත්තම් ඔබ වෙනුවෙන් දිගටම පවත්වාගෙන යාමට කැමති
අයෙකුට පවරාදීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඊයේ (12) දින සිට ඇමෙරිකාවේ Facebook භාවිත කරන්නන් හට මෙම පහසුකම අත් විඳීමට හැකියාව තියනවා. Facebook සමාගම මෙය හඳුන්වාදෙනු ලබන්නේ ” Legacy Contact ” ලෙසටයි. මෙම භාරකාර පුද්ගලයා නම් කිරීමේ අවස්ථාව වෙබ් අඩවියේ හෝ app එකේ security settings පිටුවෙන් කල හැක.
ඔබ යෝජනා කරන මේ පුද්ගලයාට ඔබේ facebook ගිණුමේ profile picture එක මාරු කිරීමට, friend request අනුමත කිරීමට, වගේම Timeline එකට විවිධ දැන්වීම් ඇමිනිමටත් ඉඩ සලසා දෙනවා. හැබැයි මේ සියල්ලටම ඉඩ සැලසෙන්නේ ඔබේ මරණය පිළිබඳව Facebook කළමනාකාරිත්වය දැනුවත් කරාට පස්සේ. ඔවුන්ට ඍජුවම අපේ wall එකට පොස්ට් කිරීමට ඉඩ ලබා නොදෙන අතරම, අපගේ private messages බැලීමටත් අවසර ලැබෙන්නේ නෑ . ඒවගේම අපේ profile එකේ පින්තුර, අපි දාපු posts සහ අනෙකුත් විස්තර අඩංගු ලිපිගොනුවක් download කිරීමටත් අවස්ථාව ලැබෙනවලු.
මීට පෙර facebook සමාගම යම් කිසි පුද්ගලයකුගේ මරණින් පසු ඔහුගේ හෝ ඇයගේ ගිණුම අත්හිටවීමට ක්‍රමයක් සකසා තිබුනත් ස්වයංක්‍රියව මකා දැමීමට හෝ වෙනත් අයෙකුගේ යටතට පැවරීමට ඉඩ ලබා නොදී තිබිණ. Facebook සමාගම ගිය වසරේ පවසා සිටියේ මරණින් පසු එම පුද්ගලයාගේ ගිණුමට සිදුවන දේ පිළිබඳව අවධානය යොමු කරන බවයි. වසරකට පසු මෙම විසඳුම හඳුන්වා දී තිබෙන අතරම, මෙය ක්‍රමයෙන් අනෙක් රටවල් වලටත් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

0 comments:

Post a Comment