
මාස කිහිපයක සිට මේ නව ක්‍රියාවලිය අනුගමනය කෙරෙන අතර කිසිඳු ප්‍රමාදවීම් පිළිබඳව ද Google සමාගමට පැමිණිලි ලැබී නොමැත. එබැවින් මේ සිදු වී ඇති වෙනස පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්නටත් පුළුවන්. මේ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව පවත්වාගැනීම සඳහා ඔවුන් ස්වයංක්‍රිය මෙවලම් කිහිපයක් ද භාවිතයට ගෙන තිබේ. වයිරස් ස්කෑන් කිරීම, සහ සමහර වැරදි පරික්ෂාවට මේවා යොදා ගැනේ. කිසියම් දෝෂයක් හඳුනාගැනුණු විට තාක්ෂණික ශිල්පින් එයට අවධානය යොමු කරයි. වෙනත් ආකාරයේ නීති උල්ලංගනය කිරීම් ද අනවසරයෙන් උපුටා ගැනීම් සහ අසභ්‍ය රූපරාමු ඇතුලත් මෘදුකාංග ද මේ ස්වයංක්‍රිය පද්ධතියෙන් හඳුනා ගැනේ.
0 comments:
Post a Comment