Saturday, February 21, 2015

අන්ධ බව නැති කිරීමට නව උපකරණයක්


තාක්ෂණය ලෝකයේ නව පෙරලියක් ඇති කරමින් ඉදිරියටම ඇදෙන මේ යුගයේ තවත් එක විශිෂ්ට නිර්මාණයක් ලෙස මෙය හඳුන්වා දිය හැක. මෙමගින් මිනිසුන් ලෝකය දුටු ආකාරයේ විශාල වෙනසක් ඇති කිරීමට සමත්වනවා පමණක් නොව ඇතැමුන්ට නැති වූ පෙනීම නැවත ලබාදීමටද සමත්වන බව දැනගන්නට ලැබෙනවා. ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති පරිදි “eSight තාක්ෂණය ඇසුරෙන් උපැස් යුවලක් කැමරාවකට සම්බන්ධ කර , තිර තාක්ෂණය සහ නවතම පරිගණක තාක්ෂණය ඇසුරෙන් එසැනින් සජීවී දර්ශන ලබා දීමට කටයුතු කරනවා”. එමගින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් හට අහිමි වූ පෙනීම නැවත ලබා දීමට හැකි වනවා. තමන් දකින සජීව රුප තමන් කැමති පරිදි හැසිර වීමට ඇති හැකියාව මෙහි ඇති තවත් එක් සුවිශේෂිතාවයකි. තමන් දකින රුප රාමු අවශ්‍ය පරිදි තීව්‍ර කර ගැනීම, විශාල කර ගැනීම, සහ තවත් වෙනස් කම් මගින් තමන්ට ග්‍රහණය වන රූප පැහැදිලිව දැක බලා ගැනීමට පුළුවන්. “eSight මගින් පැහැදිලි පෙනීමක් ලබා දෙනවා පමණක් නොව මිනිසුන්ට තමන්ගේ පෙනීම කැමති ලෙස හැසිරවීමට ඇති ඉඩ ප්‍රස්තාව ද වැඩි කරයි” යනුවෙන් සඳහන්ව තිබිණ.
eSight තාක්ෂණයට සමකල හැකි වෙනත් පිලියමක් වර්තමාන ලෝකයේ දී අපට හමුවන්නේ නැත. එබැවින් ඔබත් අන්ධ බවින් පෙළෙන්නේ නම් හෝ යම්කිසි ප්‍රබල දෘෂ්‍යාබාධයකින් පෙළෙන්නේ නම් මේ පිලිබඳ අවදානය යොමු කිරීම වැදගත් වේවි. මේ තාක්ෂනය දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට නම් වාර්තා වන්නේ නැති වුනත් ලෝකයේ මේවගේ දේවලුත් තියනවා කියල දැනගෙන ඉන්න එක වටිනවා.
මොහොතකට මේ වීඩියෝව නරඹන්න. මේ නව උපකරණයෙන් සාර්ථක ප්‍රතිපල අත් කර ගත් කිහිපදෙනෙකු ගැන ඔබටම බලාගන්න පුළුවන්.

0 comments:

Post a Comment