Tuesday, March 3, 2015

ඩොලර් මිලියනයක රොබෝ ඇඳුම් කට්ටලක් ජපානයේ Amazon වෙබ් අඩවියේ

2012 වසරේ දී කතාබහට ලක් වූ මෙම රොබෝ ඇඳුම් කට්ටලය ඇතැම් පිරිසක් සැලකුවේ විහිළුවක් ලෙසය. නමුත් දැන් එය ජපානයේ Amazon වෙබ් අඩවියේ ඩොලර් මිලියනයක මුදලකට අලෙවියට සුදානම් කර තිබේ.  ජපානයේ Suidobashi Heavy Industry සමගම විසින් මෙය එළිදක්වා තිබේ. කූරාටස් (Kuratas) නමින් හැඳින්වෙන මේ රොබෝ යන්ත්‍රය සතුව ඔබ හට විනෝද වීමට ආයුධ පද්ධතියකින් ද සමන්විතයි. මෙම රොබෝ යන්ත්‍රයට අප බලාපොරොත්තු වන තරම් හොඳින් ඇවිදීමට නොහැකි වුවත් පැයට කි.මි. 10ක පමණ වේගයකින් ගමන් කල හැක. උසින් අඩි 13ක් පමණ වන මේ රොබෝ යන්ත්‍රය බරින් ටොන් 5ක් කි. පෙනුමින් නම් මෙම රොබෝ යන්ත්‍රය ඔබ චිත්‍රපට වලදී දැක ඇති රොබෝ යන්ත්‍ර වලට සමානකමක් දක්වයි. යුධ ටැංකියක සිටින හැඟීම ලබා දෙන මේ යන්ත්‍රය ඉන්ධන වලින් ධාවනය වේ. මෙය පාලනය කරන පුද්ගලයාට මෙම රොබෝ තුලට ඇතුළුවීමෙන් එය පාලනය කල හැකි අතරම තම smart phone දුරකතනයෙන් ද 3G තාක්ෂණය ඔස්සේ පාලනය කල හැක.
තවද මෙම රොබෝගේ විශේෂත්වයක් වන්නේ තමාට කිසියම් කෙනෙකු ඉලක්ක ගත කරගැනීමෙන් පසු වෙඩි තැබිමේ විධානය ලබා දියයුත්තේ සිනාසීම මගිනි. ඔවුන් මෙය “smile shot” ලෙස හඳුන්වනවා. හිනාව පාලනය කරගන්න අමාරු අයට නම් මෙම යන්ත්‍රය ගැලපෙන්නේ නෑ වගේ නේද ?

රොබෝව පාලනය කරන ආකාරය.

0 comments:

Post a Comment