Tuesday, March 3, 2015

මෙන්න HTC සමාගමේ නවතම සුපිරි ජංගම දුරකථන HTC M9


මාර්තු 1 වෙනිදා ට බාර්සිලෝනාහි පැවැත්වීමට නියමිත MWC සම්මේලනයට කලින්ම HTC හි නවතම දුරකතනයේ චායාරූප අන්තර්ජාලය එක් වී තිබෙනවා. පසුගිය වසරේත් මෙවැනිම සිදුවීමක් සිදු වූ අතර තායිවාන් සමාගමක් වන HTC සමාගම විසින් නිපදවන ප්‍රධානම දුරකතයක් වන මෙය කාගේත් අවධානය දිනාගන්නා දුරකතනයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙම නව දුරකතනයට HTC M9 ලෙස නම් තබන ඇති බවත් එහි අන්තර්ගතය පිළිබඳවත් තොරතුරු පිළිබඳවත් මිලගණන් පිළිබඳවත් දැනටමත් අන්තර්ජාලයේ පැතිරෙමින් පවතියි. ලැබෙන ආරංචි මාර්ග අනුව 2GHz octa-core Snapdragon 810 ප්‍රොසෙසරයක් , 3GB of RAM, සහ ගිගාබයිට් 32ක මතකයකින්ද සමන්විත මේ දුරකතනයට මෙමරිකාඩ් භාවිතා කිරීමේ හැකියාවද පවතියි. ඉදිරිපස කැමරාව UltraPixel කැමරාවක් වන බවත් පසුපස කැමරාව මෙගාපික්සල් 20 ක් දක්වා වැඩි කර ඇති බවත් දැනගන්නට ලැබෙයි. මෙම ජංගම දුරකතනය Android Lollipop 5.0 පාලන පද්ධතියක් යටතේ HTC sense 7 skin එකක් සහිතව නිකුත් වීමට නියමිතව ඇති බව දාගන්නට ලැබෙනවා.
දැනට නිකුත් වී ඇති චායාරූප අනුව රත්‍රන් සහ රිදී (GOLD and silver) පැහැය මිශ්‍ර දුරකතනයක රුපයක්ද හමුවේ. අඟල් 5ක FullHD තිරයක් ඇති බව දැනගන්නට ලැබේ. ඒ වගේම මෙම HTC ජංගම දුරකතන වලටම ආවේනික BoomSound ස්පීකර්ස් මෙම දුරකතයේද දැක ගත හැක.
තව දින කිහිපයකින් මෙය ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාර්තු 1 වෙනිදා පැවැත්වෙන උත්සවයේදී HTC සමාගම ජනතාව හමුවට ගෙන එන්නේ මේ දුරකතනයම දැයි දැනගැනීමට දැඩි කුතුහලයෙන් යුතුව ජංගම දුරකතන ලෝලීන් සැවොම බලා සිටිනවා.

0 comments:

Post a Comment