Tuesday, March 3, 2015

ලෝකයේ මෙතෙක් හමු වී ඇති විශාලම ආවාට මෙන්න

ආවාට ලෙස අපි හඳුන්වන්නේ උල්කාපාත වස්තුවක් පොලව මතුපිටට වැටීමෙන් ඇති වූ බලපෑම මගින් ඇති වන කුහර වලටයි. ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් මෙම උල්කාපාත ආවාට ගැන අපට අසන්නට ලැබෙනවා. ඇමෙරිකාවේ ඇරිසෝනා හි ඇති විශාල ආවාටය මෙයට කදිම නිදසුනක්. අපි මෙතැනදී කතා කරන්න යන්නේ අපේ ඇසට දැකගන්න පුළුවන් තරමක් කුඩා ප්‍රමාණයේ ආවාට ගැන පමණයි.

METEOR CRATER (BARRINGER CRATER), ARIZONA, UNITED STATES

ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් හමුවන මෙම ආවාටය ලෝකයේ ඉතාමත් සුරක්ෂිතව පැවතෙන් ආවාටයක් යයි කිව්වොත් නිවැරදියි. මෙය වසර 50,000කට පමණ පෙර ලෝහ උල්කාපාතයක් හේතුවෙන් ඇති වුවකි. මෙහි විෂ්කම්භය මීටර 1200ක් පමණ වන අතරම ගැඹුර මීටර 170ක්. මෙම ආවාටය බැරින්ගර් ආවාටය ලෙස හැඳින්වෙන අතර එයට හේතුව ඩැනියල් බැරින්ගර් නම් පුද්ගලයා විසින් මෙය උල්කාපාතයක් නිසා ඇති වූ ආවාටයක් බවට හඳුනාගැනීම නිසයි.

PINGUALUIT CRATER, QUEBEC, CANADA

මේ ආවාටය ගැන අපට වාර්තා වන්නේ කැනඩාවෙන්. මෙය චබ් ආවාටය ලෙසත් හඳුන්වනවා. (Chubb). මෙය උන්ගාවා අර්ධද්වීපයේ පිහිටා තිබේ. විෂ්කම්භය කිලෝමීටර 3.44ක් පමණ වන අතරම ගැඹුර මීටර 400ක් පමණ වේ. වසර මිලියන 1.4ක් පමණ පැරණි බවට සැලකෙයි. මෙම ආවාටය දැනට ජලයෙන් පිරි ඇති විලක් ලෙස පවතින අතර ඈත අහසට අහසට දිස්වන අපූරුව බලන්න.

AMGUID CRATER, ALGERIA

ඇල්ජිරියාවෙන් හමුවන මෙම ආවාටය ඉහත ආවට දෙකට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වන අතරම වසර 100,000කට වඩා පැරණි නොවන බවට ද සැලකේ. මීටර 500-530ක පමණ විශ්කම්භයක් ඇති අතර ගැඹුර මීටර 65කි. 1948 වසරේදී සොයාගන්න ලදී.

LONAR CRATER, MAHARASHTRA, INDIA

ලොනර් ආවාටය හමුවන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්. තරමක් මතබේදාත්මක තත්වකයට පත්ව ඇති මෙම ආවාටය වසර 52,000ක් පැරණි බව සැලකුන ද නවතම සමීක්ෂණ වලට අනුව මෙය වසර 570,000 ක් තරම් පැරණි බව පැවසේ. මෙහි විෂ්කම්භය කිලෝමීටර 1.8ක් පමණ වන අතර කිලෝමීටර 1.2ක පමණ විෂ්කම්භයකට ජලය පිරි පවතී. මෙය ලෝනාර් විල ලෙස හැඳින්වේ.

WOLFE CREEK CRATER, WESTERN AUSTRALIA, AUSTRALIA

මෙය පිහිටා ඇත්තේ Wolfe Creek උල්කාපාත ආවාට සංරක්ෂිතයේයි. මෙය ප්‍රථම වරට අනාවරණය කර ගැනුනේ 1947 දී ය. ඉතා සුරක්ෂිතව පවතින ප්‍රදේශයකි. ආවාටයේ විෂ්කම්භය මීටර 872කි. ගැඹුර මීටර 60කි. වසර 300,000ක් පමණ පැරණි බව සැලකෙයි.

TENOUMER CRATER, MAURITANIA

සහරා කාන්තාරයේ බටහිර ප්‍රදේශයට වන්නට පිහිටා තිබේ. කිලෝමීටර 1.9ක පමණ විෂක්ම්භයක් සහිත මෙම ආවාටයේ අවට දාරය මීටර 110ක් තරම් ඉහල නැගේ. මෑත කාලයේ ඇති වූ ආවාටයක් ලෙස සැලකේ. අනුමාන කෙරෙන්නේ වසර 10,000 – 30,000ත් අතර කාලයට අයත් බවයි.

0 comments:

Post a Comment