Wednesday, June 10, 2015

සුර්යාලෝකයෙන් සහ සුළං බලයෙන් පණගැන්වෙන නවතම කැප්සියුලය


ඕනෑම තැනකට ගෙන යා හැකි හිරුඑලියෙන් සහ සුළං බලයෙන් පණගැන්වෙන කැප්සියුලයක කල් ගත කිරීම විද්‍යා ප්‍රබන්ධයක කොටසක් ලෙස ඔබට හැඟෙනු ඇත. නමුත් තවදුරටත් මෙය එවැනි ප්‍රබන්ධයක් නොවනු ඇත. යුරෝපීය සමාගමක් විසින් මෙය නිපදවා අවසන්.
මෙය හැඳින්වෙන්නේ Ecocapsule ලෙසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඕනෑම ස්ථානයක දී ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධ නොවී නිවසක් ලෙස කටයුතු කරගෙන යාමට හැකි වීමයි. මෙය නිර්මාණය කර තිබෙන්නේ Nice Architects (නයිස් ආර්කිටෙක්ට්ස්) නම් ස්ලෝවැකියානු සමාගමක් විසිනි. සෑම කැප්සියුලයක්ම සුළං සහ සුර්ය ශක්තිය ගබඩා කළහැකි අධි ධාරිතාවක් සහිත බැටරියකින් සහ ජල පිරිසිදු කරන පද්ධතියකින් ද සමන්විතයි.
ප්‍රධාන ජල විදුලි පද්ධතියකට සම්බන්ධ නොවී වැඩි කාලයක් සිටීමට ඇති හැකියාවත්, ලෝකයේ ඕනෑම තැනකට ගෙනයාමට ඇති පහසුවත් නිසා මෙය බොහෝ අවස්ථා සඳහා ප්‍රයෝජනවත් වනු ඇත. පර්යේෂක කණ්ඩායමක් සඳහා, සංචාරක නවාතැන්පොලක් , හදිසි අවස්තාවක නවාතැන් ගැනීමට සහ තවත් බොහෝ අවස්ථා සඳහා මෙය යොදාගැනීමට හැකි බව මේ සමාගමේ වෙබ් අඩවියේ පළකර තිබෙනවා.
වර්ග අඩි 120ක් පමණ වන මේ Ecocapsule එකේ වැඩිහිටියන් දෙදෙනෙකුට පහසුවෙන්ම සිටිය හැකි බවට සමාගම පවසයි. සෑම කැප්සියුලයකම ඇඳක්, කුස්සියක්, වැසිකිලියක්, කුඩා මේසයක් සහ පුටු කිහිපයක් , ජලය වගේම උණුවතුර පහසුකම් වගේ දේවලුත් තියනවා.

මෙය සුළං ටර්බයිනයකින් සහ සසූර්ය කෝෂ වලින් සමන්විතයි. එමගින් වොට් පැය 9,744ක බැටරිය පනගැන්වෙනවා. තවද මෙහි වැසි ජලය සහ පින්න එකතු කර නැවත භාවිත කිරීමේ මෙවලම් ද සවිකර තිබෙනවා. මේ අතර මේ කැප්සියුලය වසරක පමණ කාලයක් එක් වරකට භාවිතා කල හැකි බවට සමාගම පවසනවා.
මෙහි මිලගණන් මේ වන විට නිකුත් කර නොමැති අතර මේ සඳහා ඇණවුම් වසර අවසානයේ සිට බාරගැනීම් අරඹන බව ඔවුන් පවසනවා. ලබන වසරේ මුල් භාගයේ දී මේවා අපට දැකගැනීමට හැකි වනු ඇත. තවද මේ නව උපාංගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ළඟදීම පැවැත්වීමට ඔවුන් අපේක්ෂා කරනවා.

0 comments:

Post a Comment