Wednesday, June 10, 2015

Windows 10 ජූලි 29 එළිදැක්වේ.


පැතිර ගිය කටකතා තහවුරු කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම වින්ඩෝස් පාලන පද්ධතිය ජූලි 29 වන බදාදා දින එළිදක්වන බව ප්‍රකාශයට පත්කළා.
ලොව පුරා රටවල් 190ක වින්ඩෝස් 8.1 සහ වින්ඩෝස් 7 භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා Windows 10 වලට නොමිලයේම මාරු වීම සඳහා එතැන් පටන් වසරක කාලයක් හිමිවනවා. කෝටානා මෘදුකාංගයේ අතුරුමුහුණත වැඩිදියුණු කිරීමත්, නව යතුරු පුවරු කෙටි ක්‍රම (keyboard shortcuts) හඳුන්වා දීමත්, Start මෙනුව නව ආකාරයකින් තමාට අවශ්‍ය ආකාරයට සකසා ගැනීමටත් නව වින්ඩෝස් මෘදුකාංගය තුලින් හැකි වන බව පැවසෙනවා.
මේ අතර විශේෂ දීමනාව ලබා දෙන වසරක කාලය තුලදී තම පාලන පද්ධතිය වින්ඩෝස් 10 වලට යාවත්කාලීන කරගන්නා සෑම දෙනාටම කිසිඳු ගාස්තුවක් නොමැතිව ජිවිත කාලය පුරාවටම වින්ඩෝස් 10 භාවිතා කල හැකි බවට යලි යලිත් තහවු කර තිබේ. මේ අතර ඉදිරි සති කිහිපය තුලදී ඔබට නොමිලයේම වින්ඩෝස් 10 මෘදුකාංගයේ පිටපතක් වෙන් කරගැනීමට හැකි වන බව Microsoft සමාගම පවසා සිටියි.

0 comments:

Post a Comment