Sunday, May 26, 2019

Wednesday, November 18, 2015

Microsoft සමාගම හඳුන්වාදෙන Surface Pro 4


තාක්ෂණික ලෝලීන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටි Microsoft සමාගමේ Surface Pro 4 ටැබ් එක පසුගිය සතියේ New York හි පැවති උත්සවයකදී එළිදක්වනු ලැබුණා. මෙය ද්විත්වකාර්ය උපාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මෙය ටබ් එකක් විදියටත් එහෙම නැතිනම් ලැප්ටොප් එකක් විදියටත් භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නව Surface Pro 4 උපාංගය මිට පෙර හඳුන්වා දුන් Surface Pro 3 එකට සාපේක්ෂව සිහින් සහ සැහැල්ලු වන අතර දත්ත සකස් කිරීමේ වේගය අතින් ද ඉහලයි.

මේ නව ටැබ් එකේ අන්තර්ගතය දෙස බලන කල මෙය 6th generation ( 6 වන පරම්පරාවේ) Intel Core i5 සහ i7 ප්‍රොසෙසර වලින් යුක්තයි. මෙහි මාදිලි කිහිපයක්ම ඇති අතර ඔබ තෝරාගන්නා ප්‍රොසෙසරය අනුව මෙහි දත්ත ගබඩා කල හැකි ප්‍රමාණයත් එහි RAM එකත් තීරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි අඟල් 12.3ක තිරයක් තිබෙන අතර මෙයට කලින් පැමිණි මාදිලියට වඩා තිරයේ ප්‍රමාණය තරමක් විශාලයි. Surface Pro 3 හි පවතී 2,160 x 1,440 pixel-resolution තිරයට සාපේක්ෂව Surface Pro 4 හි PPI 267ක 2,736 x 1,824 pixel-resolution තිරයක් තිබෙනවා.
මෙහි විවිධ මාදිලි වලට අදාළ මිල ගණන් පහත දැක්වෙනවා.
128 GB 6th Generation Intel® Core™ M3 with 4 GB of RAM [රුපියල් 126,000(බදු රහිත මිල)]
128 GB 6th Generation Intel® Core™ i5 with 4 GB of RAM [රුපියල් 140,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i5 with 8 GB of RAM [රුපියල් 182,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 8 GB of RAM [රුපියල් 224,000(බදු රහිත මිල)]
256 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 252,000(බදු රහිත මිල)]
512 GB 6th Generation Intel® Core™ i7 with 16 GB of RAM [රුපියල් 308,000(බදු රහිත මිල)]
http://cdn2.mos.techradar.futurecdn.net//art/AAevents/Microsoft%20Devices%202015/screens/28-surface-pro-4-vs-mba-650-80.jpg
Microsoft සමාගම පවසන ආකාරයට Core i5 ප්‍රොසෙසරයක් සහිත 256GB දත්ත ගබඩාවක් සහ 8GB RAM එකක් ඇති Surface Pro 4 එකක් පැය 9ක කාලයක් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.
මේ නව Surface Pro එකත් සමඟ නව යතුරු පුවරුවක් ද හඳුන්වා දී තිබෙනවා. මෙහි Touchpad එක පෙර පැවති මාදිලියට වඩා 40% කින් විශාලයි. මෙහි තවත් එක විශේෂත්වයක් වන්නේ මෙය පෙර පැවති Surface Pro මාදිලි සමඟත් භාවිතා කිරීමට හැකිවීමයි.
මේ උපාංගය සඳහා පූර්ව ඇණවුම් ලබාගැනීම මේ වන විටත් ආරම්භව ඇති අතර මේ මස (ඔක්තෝබර්) 26 වනදා වෙළඳපොලට නිකුත් වීමට නියමිතයි.

Samsung සමාගම Gorilla glass වෙනුවට Turtle glass හඳුන්වා දෙයි ද ?

Galaxy S7 දුරකථනය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වේ යැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. ලැබෙන තොරතුරු වලට අනුව නම් සමාගම සැරසෙන්නේ තමන්ගේ ප්‍රධාන පෙලේ දුරකතනයට පෙරටත් වඩා සවිමත් බවක් ලබා දෙන්නටයි. කොරියානු වෙබ් අඩවියකට අනුව Samsung සමාගම නව විදුරු වර්ගයක් සඳහා ලියාපදිංචියට අයදුම් කර තිබෙනවා. මෙය Turtle Glass ලෙස හැඳින්වෙන බව එහි වැඩි දුරටත් සඳහන් වුනා. Corning සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන Gorilla Glass මේ දක්වා නිර්මාණය කෙරුණු බොහෝ ප්‍රමුඛ පෙලේ Samsung දුරකථන සඳහා භාවිතා වුණා.එමගින් දුරකතනයේ සවිමත් බවට මනා පිටිවහලක් ලැබුණා. කෙසේ නමුත් ලැබෙන ආරංචි වලට අනුව මේ නව විදුරු විශේෂය ඊටත් වඩා සවිමත් බව දැනගන්න ලැබෙනවා.

ඒ වගේම ලැබෙන තවත් ආරංචියක් තමයි Samsung සමාගම මැග්නීසියම් මිශ්‍ර ලෝහයක් සම්බන්ධව පර්යේෂණ කරන බව දැනගන්නට ලැබෙනවා. මේ මිශ්‍ර ලෝහය භාවිතා කර දුරකතනයේ සවිමත් බව වැඩිකිරීම ඔවුන්ගේ අදහස බවයි දැනගන්න ලැබෙන්නේ. පසු ගිය සතියේ එළිදැක්වුණු ඇපල් iPhone 6s දුරකථනය නිර්මාණය කිරීම සඳහාත් විශේෂ ඇලුමිනියම් වර්ගයක් උපයෝගී කරගෙන තිබුනේ සවිමත් බව වැඩිකිරීම සඳහායි. මේ නිසා මේ පැතිර යන කටකතා සත්‍ය වීමට ඉඩකඩ තිබෙනවා.


පාරදෘශ්‍ය සූර්ය කෝෂ නිර්මාණය කෙරේ.

පාරදෘශ්‍ය එහෙමත් නැතිනම් විනිවිද පෙනෙන මාධ්‍යයකින් ආලෝකය ගමන් කරනවා. විදුරු වගේ මාධ්‍යක් අපි සැලකුවොත් ඒ හරහා බොහෝ අවස්ථාවල සුර්යාලෝකය අවශෝෂණය වීමකින් තොරවම ගමන් කරනවා. අපි අතරට සුර්ය කෝෂ භාවිතය පැමිණ දැන් වසර ගණනාවක් ගතවී තිබෙනවා. නමුත් මේ තාක්ෂණයේ තවදුරටත් දියුණු කල හැකි ක්ෂේත්‍ර බොහොමයි. අපි ගොඩක් වෙලාවට දැකලා තියන සුර්ය කෝෂ ඉතා පැහැදිලි විදුරු වගේ ඒවා නොවෙයි. ඒවා යම් කිසි දුරකට අඳුරු කරනිර්මාණය කර තිබෙනවා. එසේ කිරීමේ මුලික අරමුණ වී ඇත්තේ සුර්ය ආලෝකය ග්‍රහණය කර ගැනීම සඳහා එය අඳුරු කලයුතු වීමයි. නැතිනම් සුර්ය පැනලය මතට වැටෙන ආලෝක කිරණ සෑම එකක් ම පාහේ අවශෝෂණය නොවීම මාධ්‍යය හරහා ගමන් කර ඉවත්ව යනවා.

මිචිගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් මෑතකදී අපූරු සොයාගැනීමක් සිද්ධ කළා. ඔහු තමන්ගේ කණ්ඩායමත් සමඟ එක් ව විදුරු මෙන් පැහැදිලි සූර්ය පැනලයක් නිර්මාණය කිරීමට සමත්වුණා. ඇත්තටම මේ නව සොයාගැනීම සූර්ය පැනල තාක්ෂණයේ නව හැරවුමක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේ සූර්ය පැනල හරියට නිකන් වීදුරු වගේමයි. මෙසේ විනිවිධ පෙනෙන ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම ඉතා අපහසු කටයුත්තක්. ඒ ඔවුන් ශක්තිය නිපදවන්නේ අවශෝෂණය කරගන්න ෆෝටෝන ඉලෙක්ට්‍රෝන බවට පත්කිරීම නිසයි. මෙය විදුරු මෙන් පැහැදිලි නිසා අවශ්‍ය සූර්ය කිරණ අවශෝෂණය කිරීමට ඔවුන් නව තාක්ෂණයක් භාවිතා කළා. එය TLSC ( transparent luminescent solar concentrator) ලෙස හඳුන්වනවා. මෙහිදී අදාළ පැනලය මත වූ කාබනික ලවනයක් මගින් සුර්යාලෝකයේ මිනිස් ඇසට හසුනොවන පරාසයේ ඇති හිරු කිරණ අවශෝෂණය කරගැනීම සිදුකරනවා. මේ තාක්ෂනය පාරදෘශ්‍ය ප්‍රකාශ වෝල්ටීය කෝෂ නිර්මාණය කිරීම සඳහාත් මගපාදනවා. මෙහිදී ශක්තිය ලබාගැනෙන්නේ අධෝරක්ත කිරණ සහ පාර ජම්බුල කිරණ මගිනි.

මෙහිදී ප්‍රභාසම්පන්න ආලෝකයක් නිර්මාණය කෙරෙන අතර එය අදාළ සුර්ය පැනලය කෙළවරවල් වල ඇති ප්‍රකාශ වෝල්ටීය කෝෂ වෙත යැවීම සිදුකෙරෙනවා. එමගින් විදුලිය නිෂ්පාදනය කෙරෙනවා.
මේ වන විට එදිනෙදා භාවිතා වන සුර්ය පැනල වල කාර්යක්ෂමතාව 7%ක් පමණ වනවා. නමුත් මේ නව නිර්මාණයේ කාර්යක්ෂමතාව 5% පමණ වනු ඇති බවයි විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් මේ වන විට භාවිතා වන සුර්ය පැනල වලට සාපේක්ෂව මේ නව විදුරු වැනි සූර්ය පැනල විශාල ගොඩනැගිලි වල විදුරු වෙනුවට භාවිතා කිරීමේ ඇති හැකියාව නිසා මෙය ඉතාමත් පලදායි ක්‍රමයක් වනු ඇති බවට මේ සොයාගැනීම කල පර්යේෂණ කණ්ඩායම සිය අදහස් පලකරනවා.
මෙය ගොඩනැගිලි වලට පමණක් නොව තවත් බොහෝ දේ සඳහා යොදාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුධයට මෙය කදිම විසඳුමක් වනු ඇත.

Yamaha සමාගම මෝටර් සයිකල් ධාවනය කළහැකි රොබෝවෙකු නිර්මාණය කරයි


මෝටර් සයිකල් ලොවේ දැවැන්තයකු වන ජපානයේ Yamaha මෝටර් සයිකල් සමාගම මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ මෝටර් සයිකල් ධාවන ශුරයන් අනුගමනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමටයි. මෙවර Tokyo මෝටර් රථ ප්‍රදර්ශනයෙඩ් ඔවුන් සිය නවතම නිර්මාණය එළිදැක්වූවා. ඔවුන් මෙය Motobot (මොටෝබෝට්) ලෙස නම් කර තිබෙනවා. මෙය මෝටර් සයිකලයක් ධාවනය කරන මිනිසෙකුට සමාන රෝබෝ යන්ත්‍රයක්.
Yamaha (යමහා) සමාගමේ බලාපොරොත්තුව වන්නේ පැයට කිලෝමීටර 200කට වඩා වැඩි වේගයකින් මෝටර් සයිකලයක් ධාවනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමයි. මේ ප්‍රදර්ශනයේදී ඔවුන් Motobot ට මෝටර් සයිකලයක් ධාවනය කල හැකි උපරිම වේගය පිළිබඳව නම් නිශ්චිත ලෙස සඳහන් කලේ නෑ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Yamaha සමාගම පවසා සිටියේ මෝටර් සයිකලයක් නිවැරදිව ධාවනය කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ අතර ඉතා ඉහල වේගයක දී එහි පාලනය නිවැරදිව පවත්වාගැනීම සඳහා ඉතා සංවේදී උපකරණ සහ පාලන පද්ධති භාවිතා කිරීමට සිදුවන බවයි. Yamaha සමාගම මේ මෝටර් සයිකල්ධාවන රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීමේ එක් අරමුණක් වන්නේ මෝටර් සයිකල් ධාවකයන්ට වඩා ආරක්‍ෂිත ගමනක් ලබා දීමට බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.
මේ නිර්මාණාත්මක වෙළඳ දැන්වීමේ දී ලෝක ශුර ඉතාලියානු ජාතික වැලන්ටිනෝ රෝසි ගේ කුඩා කාලයේ ඡායාරූපයක් පෙන්වමින් යාන්ත්‍රික හඬකින් මෙසේ පවසා සිටිනවා. ” මම දිනෙන් දිනම දියුණු වෙමින් සිටිනවා. අවුරුදු 5ක් වන ඔබව වත් මට අභිභවා යාමට හැකිදැයි මම නොදනී. නමුත් මම මිනිසෙකු නොවේ. ඒ නිසා මට විතරක් කල හැකි යමක් තිබිය යුතුයි. මම මොටොබොට්. මා නිර්මාණය වන්නේ ඔබසැම අභිභවා යාමටයි”
මිනිසා විසින් නිර්මාණය කරන තාක්ෂනය මිනිසාටම අභියෝග කරන දවස වැඩි ඈතක නොවෙයි.



ලේසර් වලින් පණගැන්වෙන අකුණු සන්නායක මගින් විදුලිය ඇදගැනීම


විදුලි කෙටිම පිළිබඳව පර්යේෂණ පවත්වන ජෙරුසෙලමේ Hebrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අකුණු අනතුරු වලට ලක්වීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති ඉලක්ක වලින් අකුණු සැර වෙනත් දිශාවකට යොමු කල හැකි ලේසර් පද්ධතියක් නිර්මාණය කරලා තියනවා.
සාමාන්‍යයෙන් ප්‍රබල ලේසර් කිරණයක් වාතය හරහා එල්ල කල විට එමගින් එම කිරණය ගමන් ගන්නා මගෙහි ඇති වාතයේ අංශු අයනිකරණයකට ලක්වීම එනම් ප්ලාස්මා තත්වයට පත්වීමේ හැකියාවක් පෙන්වනවා.

Plasma
එමගින් ක්ෂණිකවම යම්කිසි විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. නමුත් මේ ප්ලාස්මා මාර්ගය අපේ පියවි ඇසට ග්‍රහණය නොවන්නේ එය කෙස් ගසකිනුත් සියයෙන් එකක් තරම් ඉතාමත් සිහින් වන බැවිනි. ඒ වගේම එය නැනෝ තත්පර කිහිපයකට පමණක් සිමා වෙනවා. මේ ප්ලාස්මා මාර්ගය ඔස්සේ විද්‍යුතයට ගමන් කිරීමට ඇති හැකියාව පර්යේෂකයන්ගේ අවදානයට යොමු වුනා. ඔවුන් මේ මාර්ගය ඔස්සේ දෙවෙනි වරටත් ලේසර් කිරණයක් යවා ප්ලාස්මා මාර්ගය උණුසුම්ව වැඩි කාලයක් ආරෝපිතව පවත්වා ගැනීමට සමත් වුණා. එය පෙර පවතී කාලයට වඩා දස ගුණයක වැඩිවීමක්. එම කාලය අකුණු පහරක් යලි හරවා යැවීමට ප්‍රමාණවත් කාලයක් බවට සොයා ගැනුනා.
මේ පිළිබඳව අදහස් දක්වමින් පර්යේෂණයට සම්බන්ධ වූ Jenya Papeer පවසා සිටියේ මේ සොයාගැනීමේ මෙහි අපූර්වත්වය වන්නේ නියමිත උපකරණ හා ශක්තිමත් ලේසර් කිරණයක් භාවිතා කරමින් මේ මාර්ගය මේ තත්ත්වයෙන් කැමති වෙලාවක් පවත්වාගැනීමට හැකියාව පැවතීම බවයි.
මේ මගින් පොලව මත ඇති වස්තුවක් කරා එන විදුලි සැරක් ආපසු හරවා යැවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.